
(මනෝප්‍රිය ගුණසේකර)
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකවරයාට එරෙහි නඩුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කරන්නේද? නැද්ද? යන්න සම්බන්ධ නියෝගය 11 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තියේ සාක්කි නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කර නිදහස් කරන්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා (සභාපති), ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේෂ් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරේ.
2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා දැන් එන්නේ රනිල් හාමු එක්කනේ .ඉතින් තීන්දුව සරලයි
ජනතාව දන්නවා තීරණය. රනිල් මේ හොරුන්ව හිරේ දාන්න දෙන්නේ නැහැ. මොකද රනිල්ට චන්දෙ කරන්න මේ හොරු රැල ඉන්න ඕන. නඩුව ඉවත් වෙනවා.
නිදොස් කොට නිදහස්
නිදොස්කොට නිදහස්
ඒකත් නිදොස් කොට නිදහස් කිරීමක් ද දන්නේ නෑ. ට්‍රැක්ලන්තයේ හැටිනේ...
තව පෝය තුනයි
උසාවියට නිදොස්කොට නිදහස් කරන්න පුළුවන් වෙන විදිහටයි නීතිපතිවරයා නඩුව පවරන්න ඇත්තේ. රටේ මහජන මුදල් කාබාසිනියා කරමින් ව්‍යාජ නඩු පවරමින් සහ පවත්වාගෙන යමින් සිටිනඔය නීතිපති දෙපාර්තමේන්තුව වහලා එතන කොත්තු කඩයක් දැම්මා නම් රටට ප්‍රයෝජනවත් වේවි.
මෙවැනි දූෂිතයෝ එකා එකා බරපතල වැඩ ඇතිව හිරේ දාන්න ඕනේ ලංකාවට කළ විනාශයට…. නැත්නම් ටැටූ කඩයක් වත් විවෘත කරන්න යවන්න ඕනේ….පව් නැහැ….
මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩු තීරණය අනිද්දා. මොකටද අනිද්දා වෙනකම් .නඩුව දැම්ම දවසෙම ලංකාවම දන්නවා නිදොස් කොට නිදහස් බව
ලංකාවේ දේශපාලකයින් කරොත් සාක්කි නැතිවයි කරන්නේ... මෝඩ ජනතාව ඉන්නකන් මේ අය ඡන්දයෙන් දිනනවා.