(අජන්ත කුමාර අගලකඩ)
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව පළවී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම යෝජනාව අද (04) පැවැති කැබිනට් රැස්වීමේදී ද ඉදිරිපත් නොවූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
විපක්ෂ නායකවරයාට වෙඩි නොවදින මෝටර් රථ තුනක් දැනටමත් දී තිබෙන බව ජනාධිපතිවරයාද එහිදී ප්‍රකාශ කර තිබිණි.
මේ අතර එම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ද ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව කැබිනට් සංදේශය සාකච්ඡාවට ගැනීම පසුවට කල්තැබුණු නමුත් අද දිනයේ එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දේ කාලේ නොතිබුණු වාහන දැන් මොකටද. මහින්ද බය වෙන්නේ ඇයි.
ගෙයින් ගෙට සෝදිසි කරලා සේරම තුවක්කු, කඩු කිනිසි ඇල්ලුවනම් ආයෙත් මොකටද වෙඩි නොවදින රථයක්? අපි වගේ වීදුරුව පල්ලෙහට දාගෙන හුලන් ටිකක් වැදී වැදී යන්නකෝ.
හෙනරාජ තෛලය දාලා සුරයක් දාන්න. අපේ විපක්ෂ නායකතුමාට. අඩු වියදමින් වැඩේ ගොඩ...
වෙඩි නොවදින මෝටර් රථ තුනක් දැනටමත් තියෙද්දී තව එකක් මොකටද? ප්‍රශ්නයක් නැහැ ඉතින් බදු මුදල් ඕනේ තරම් තියෙනවා නේ.
මේ දේශපාලුවෝ හැමෝටම දෙන්න ඕනේ වෙඩි නොවදින වාහන නෙමෙයි 'හෙණ නොවදින' වාහන..
රනිල් ද යෝජනාව ගෙනත් තියෙන්නේ? ඇයි කාදිනල් තුමාට දෙන්න ගිහින් අනාගත්ත එක අමතක වෙලාද?
එහෙනම් වෙඩි වදින රථයක් දෙමුද?
දැන් හොදට පේනවා මේ දෙන්නගේ සම්බන්දය
දැන් ඔය මෝටර් රථය මහින්ද ඉල්ලපු දෙයක් නෙවෙයි නේද? මේ ලඟදි පවිත්‍රා වන්නිආරච්චි කියල තිබුන රනිල් විපක්ෂනායකට දේවල් ඉල්ලන්නේ රනිල් ළඟදීම විපක්ෂ නායක වෙන නිසා කියල. ඒ අනුව හිතෙන්නේ මේක රනිල්ගේ උවමනාවට පමණක් වෙන දෙයක් කියලා.
දැන් මේ වෙඩි නොවදින වාහන වල යනකොට හෙන සමග අකුණු සර වැදුනොත් මොකද කරන්නේ ඊට වැඩිය නරකද හෙල්මට් එකයි බුලට් ප්රුෆ් වෙස්ට් එක ඇන්දනම් , මේක ඇඳගෙන ඕන තැනක ඉන්න පුළුවන් රැස්වීම තියනකොට. , වෙඩි නොවදින වහනයෙන් බිමට බැස්සම වෙඩි තිබ්බම කාට කියන්නද ..
රටට සල්ලි නැහැ කිය කියා මංගල නාහෙන් අඬ අඩා මිනිසුන්ට බදු ගහනවා. ඉතින් නැති සල්ලි මේ එක්කෙනෙක් ආරක්ෂා කරන්න වියදම් කරන්නේ කොහොම ද?
අනේ ජනාධිපතුමනි, මහින්ද මහත්තයට අනුකම්පකරලා අර හිටපු අරක්ෂක ලේකම් තුමා පාවිචිකල වෙඩි නොවදින වාහනෙවත් දෙන්නකො. ඔබතුමාට පිං අයිති වෙනවා.
ජනපතිගේ අදහස හරි වෙඩි නොවදින කාර් තුනක් තිබියදී තවත් එකක් කුමටද..කෙනෙකුට එකවර කාර් තුනක යන්න බැහැ. එකක් කැඩුනනම් දෙකක් තියෙනවා. වාහන තුනම එකවර කැඩෙන්නේ නැහැනේ 226 ම පෙරට ගමනේනේයාාාා
මේ දීමයි නොදීමයි එකම නාට්‍යක කොටස්. මේවා බලලා මිනිස්සු ගොනාට අදිනවා.
ඕක ඊළඟ විපක්ෂ නායක තුමාට අරන් තියෙන්න යන්නේ......
අර විශේෂ කවුන්සලේ (ආරක්ෂක හා අනිකුත් සියලුදේ ) අයට නම් ගල් නොවදින, පොදු ජන සාපය නොවදින රථ පමණක් නොවේ , ගෙවලුත් ගන්න වෙයි වගේ.
එක තමයි මහා රෑ අගමැති කම දුන්නේ? කාටද මේ සුදුලූනු පොඩිකරන්නේ
දැනට තිබෙන ඒවා සම්පුර්ණ රෙපයාර් එකක් කරලා භාවිතාවට ගන්න කියන්න, වෙඩි නොවදින රථයක් සාමාන්‍ය ඒවාට වැඩිය 10 ගුණයක් විතර මිලක් වෙනවා , අනිත් එක ඕව පස්සේ වෙන්දේසියේ විකුනන්න බැහැ , මහින්දලා රනිල්ලා රටට ඔච්චර ආදරේනම් මෙහෙම රටේ ධනය නාස්තිකරන්නේ නැහැ , අනිත් එක විශ්‍රාමික ජනාධිපති කෙනකුට එක වෙඩි නොවදින රථයක් තිබුනහම ඇති මුළු පවුලේම භාවිතයට මේවා දෙන්න ඕනේ නැහැ
වෙඩි නොවදින රථයක් දෙන්න හිත නැද්ද? එහෙනම් හිත තියෙන්නේ වෙඩි වදින රථයක් දෙන්නද?
එහෙනම් ඉතින් තියෙන්නේ වෙඩි වදින එකක් දෙන එකනේ. දෙසැම්බරයේ පැවැත්වෙන ජනාධිපති වරණයට ඉදිරිපත්වෙන්නේ නැති බවත් එක්සත් ජනතා සන්ධානය නම්කරන අපේක්ෂකයා දිනවීම සඳහා සම්පුර්ණ සහයෝගය ලබාදෙන බවත් අද ඇමති මණ්ඩලයට කිවා කියලයි අපට ආරංචි. ඒ අතරේ පුජ්‍ය රතන ස්වාමින්වහන්සේගේ උපවාසය පිටුපස හිටියේ කවුද කියලත් දැන් ලොකු කතා බහක් පටන් අරගෙන තියෙනවා. අපට හිතා ගන්න පුළුවන් පසුගිය මාසයේ සිදුවුන පුදුමාකාර දේවල් නිසා රටේ බහුතරය අතරේ ඇවිලීගිය "අලුත් ජාත්‍යාලය" ජනාධිපති වරණයට ඉදිරිපත්වෙන බවට දැනට ප්‍රකාශකර ඇති අපේක්ෂකයා වැනි දේවල් එකට එකක් පුට්ටු වෙන්නේ කොයි ආකාරයකටද කියලා.
වෙඩි නොවදින වාහන මොකටද මහා ජනතාවට සේවය කරන්න හැබැයි මහත්තයෝ හෙන නොවදින ඇදුම් ගොඩාක් ගෙනාවනම් ඉතා හොදයි
හෙන නොවදින ඇදුම් ගොඩාක් ගෙනාවනම් ඉතා හොදයි
වර්තමානයේ ත්‍රස්තවාදී තර්ජන වැඩියෙන්ම තිබෙන්නේ , මැල්කම් රන්ජිත් කාදිනල් තුමාට , එතුමත් ජනතා මුදලින් දෙන්න හැදුව ඔය වෙඩි නොවදින වාහන ප්‍රතික්ෂේප කරනවා නම් , පරණ දේශපාලකයන්ට තිබෙන ඒවාට අමතරව තව අලුතෙන් දෙන්න අවශ්‍යද ?
මහින්දට වෙඩිනොවදින කාර් එපා. හැබැයි අර හිටපු විපක්ෂ නායකයාට සහ හම්බ ඇමතියන්ට තනතුරට දීලා තිබෙන වාහන ආපසු රජයට ගන්න.
බොරුවට වෙඩි නොවදින වාහන ගේන්න එපා. ඔයාලට කවුරුත් වෙඩි බෝම්බ තියන්නේ නෑ. ස්වභාවධර්මයා දඬුවම් දේවි... එ්කෙන් බේරෙන්න බෑ ගොයියෝ..
ජගත් ඔබ හරියටම හරි
අගමැතිකම දෙන්න පුලුවන් නම් කාර් එකක් දෙන්න බැරිද?
මොකද එකතු වෙන්න බෑ කියනවද දැන්