(එම්.කේ.නන්දසේන , නෙල්සන් පියරත්න සහ කේ.ඩි.දේවප්‍රිය)
රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා විරෝධීව ඉවත්කොට නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට විරෝධය පළ කරමින් නිතිවිරෝධි දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක එස්.තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු හා ආධාරකරුවෝ පිරිසක් අද (02) කතරගම මහ දේවාලය අබියසදී කන්නලව් කොට පොල් ගැසූහ.
ඔවුනට දඬුවම් දෙන ලෙසද එම පිරිස ඉල්ලා සිටියහ.
මෙම අවස්ථාවට කිවුල ශ්‍රී බෝධිරාජාරාමාධිපති , පල්ලේගම විමලරත සහ බැරගම නන්දසිරි යව හිමිවරු ද , පළාත් සභා මන්ත්‍රීවරුන් වන සුනිල් සේනානායක ,ලාල් චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක්ද පැමිණ සිටියහ.
මෙම අවස්ථාවේ රට බේරාගත් නායකයා අපට ඕනෑ යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් ආධාරකරුවෝ පිරිසක් ද පොල් ගැසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වැඩේ. දැන් දෙයියොත් කර කියා ගන්න බැරුව ඉල්ලලා අස්වෙයිද දන්නේ නැහැ.
ඉන්දියාව කියන්නේ හතර මහා අපායක්. එහෙන් විසි කරපු දෙවිවරුන්ට පොල් ගහන්නේ මෝඩයින්. සංඝයා වහන්සේට ලැජ්ජා නැතිව සිවුර පොරවාගෙන මේ වගේ මිථ්‍යා වලට එනවනේ. පාර්ලිමේන්තුව රැස් කරලා. නීතිමය කටයුතු කරනවා මිසක් ඔය ගොන් වැඩ හරියන්නේ නෑ.
මමත් යනවා සීනිගමට අරලියගහ මන්දිරේ ඉල්ලලා මිරිස් ටිකක් අඹරන්න.
යමක් නිවැරදි දෙය කියන්නේ එකක් එ්ක තමන්ගේ වාසියට අර්ථගත්තට කවදා හෝ නිවැරැදි දේට තැනක් තියෙනවා. අපිට පේනවනේ වැරදි කරන හැම කෙනාටම කෙළවෙන හැටි...
දෙයියන්ට එලොව පොල් පෙනෙනවා ඇති.. කාටද දේවාශීර්වාදය පාවිච්චි කරන්නේ කියලා හිතාගන්න බැරුව...
වැඩක් නැත! ඔහු ඒ දෙවියන්ගේ අඩවියේ කෙනෙකි.
අම්මගෙ අප්පගෙ බූදලේ වගේ මුලු රටම විකුණන් කන්න බැලුවෙ ඒකයි විනාස වුනේ.....