
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග ඉකුත් දා පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කෙරුණු අතර එම පනත් කෙටුම්පත ඉදිරියේ දී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවේ.
එම පනත් කෙටුම්පත සම්මත කෙරුණු පසු හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර නිල නිවාස ඇතුළු අනෙකුත් සියලු පහසුකම් අහෝසි වී යයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද කතානායකවරයාට අද හෙටම බාර දීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින විජේරාම මාවතේ නිල නිවෙසේ මීට පෙර පදිංචිව සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඊට පෙර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙක් එහි පදිංචිව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ පවුලත් එක්කම ගේ CID එකට බාර දෙන්න. දෙගොල්ලන්ටම ලේසියි ඉදිරියේදී.
රට කිරීම කෙසේ වෙතත්, තමන් වැනිම වූ වෛරයෙන් ක්‍රෝධයෙන් පෙළෙන අහිනක් වන 3% පිනවීමට වැඩ කිරීම පමණක් කරන මේ පච ආංඩුවට ජනතාව වශයෙන් අපට කීමට ඇත්තේ 'ඔහොම යං ඔහොම යං' කියාය.
ඉස්සෙල්ලම පනත සම්මත කරගෙන ඉමුකො.
දැන් ඔය කෝටි ගානක් වටින නිවස CID එකට දුන්නාම මහජනයාට වෙන සෙතේ මොකද්ද? මේකෙන් මහින්ද එලෙව්වාම මහජනයාට සල්ලි උතුරනවාය, ආර්ථික ප්‍රශ්න ඉවර වෙනවාය කියලා නේද ආණ්ඩුවේ උද්ධච්ඡ ඇමතිලා මයික් වලට කෙල වක්කරගෙන කිව්වේ.
ඒක නම් පැහැදිලිවම දේශපාලන පලි ගැනීමක්. ඕකේ තේරුම මොකද්ද? මහින්දගේ වැරදි තිබුනත් උගන්ඩාවට සල්ලි ගෙනිහින්ය, රට වැටුනේ ඒක නිසාය කියපුවා අවබෝධෙන් කියපු බොරු නම්, යුද්ධෙ ඉවර කරපු මිනිහට ඉන්න තියෙන ගෙයිනුත් එලියට දාලා මොකද්ද ආණ්ඩුව දිනන්න හදන්නේ? උන්දැ වයසයිනෙ දැන්, බේතක් ගන්නත් රෝහල් තියෙන කොලඹින් එලවන්නේ පුදුම වෛරයකින්නේ මේ ආණ්ඩුවේ උන් ඉඳලා තියෙන්නේ. දීපු කතිරේ ආපහු ගන්න හිතෙන වැඩ මේවා.
වත්මන් රජය මොකක් හරි දේකට පුදුමාකාර භයකින් ඉන්නා බවක් පහුගිය මාසයක විතර කාලයක හැසිරීමෙන් පේනවා. පළාත් සභා ඡන්දෙ වත් ලඟයිද?
ඉතාමත් හොඳ තීරණයක්. ඉන්නකන් කරපු දේවල් රටේ මහජනතාවට හොඳටම මතකයි.
ඔය බහිරවය තවමත් එලවන්න බැරි වුනාද
බොරැල්ල කනත්ත අසලින් පර්චස් දෙකක් වත් දෙන්න අප්පා.......අපේ අප්පොච්චා පාරට නොදමා !
ඕක ගෙදරක් නෙවෙයි දූෂිත හොර ගුහාවක්….
ශ්‍රී ලංකාවේ පොදු දේපළ පනත යටතේ සැකකරු දින 14ක් රිමාන්ඩ් කළ හැකිද? වත්මන් ජනාධිපතිවරයා තම මව ප්‍රවාහනය කිරීමට හෙලිකොප්ටරය භාවිතා කළේය. කවුද මේක අනුමත කළේ. ඔහු ජනාධිපති ලේකම් නම්, ජනාධිපති ලේකම් රිමාන්ඩ් කළ හැකිද? විපක්ෂ නීතිඥයින්ට ප්‍රඥාව නැත්තේ ඇයි? පොදු දේපළ පනත යටතේ රිමාන්ඩ් කළ දේශපාලනඥයින්, රෝහල් විශේෂඥයින්, රජයේ උසස් නිලධාරීන්ගේ ලැයිස්තුවක් සකස් කර මානව හිමිකම් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැක. වත්මන් ජනාධිපතිවරයාට සියයට 50ක බහුතරයක් නැත. එබැවින් නීතිය වෙනස් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවේද? මහ මැතිවරණයේදී සියයට 50කට වඩා ලබා ගත්තද, පළාත් පාලන මැතිවරණය යටතේ එය සියයට 50කට වඩා අඩුය. එහෙනම් පණුවෙක් වගේ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හේතුව අහන්න.
කෝ මේ කිරි පැණි නඩේ ?
කපුටාව ගේන්නේ කවදාද…???
ඇරියස් ගන්නවනම් ගුනපාලයෝ තව කොච්චර දේවල් තියෙනවද? ඔහොම යමන් කියල කියන්න ඕනි මැක්සියෝ පොහොට්ටු බයියන්ට. ඔය බිල්ඩිම CID එකට දුන්නම දැනට CID එක තියෙන කොළඹ නගර මැද තියෙන බිල්ඩිම ප්‍රයෝජනවත් ආයෝජනයකට ගන්න පුළුවන්. ඕක මහින්දලා තමන්ට වෙන් කරගෙන හදා ගත්තේ නිකමට නෙමෙයි. පොහොට්ටු බයි නිලමැස්සන්ට ඔතනට කල්ලි පිටින් රොක් වෙලා රැස්වීම තියන්න, කුමන්ත්‍රණ කරන්න, කාල බිල පාටි දාල ආතල් ගන්න වගේ දේවල් කරන්න හිතාගෙන. ඕක තේරුම් ගනිල්ලා ග්‍රාස් රූට් බය්යනේ නිකම් අඬන්නේ නැතුව. මොකද අගනුවර හොඳ තැනක්නේ. එතකොට ඕක නඩත්තුවට යන්නේ මහජන බදු මුදල් මිසක් බයියන්ගේ හැම්බිලියෙන් නෙමෙයිනේ.
බලලෝලි බඩගෝස්තරවාදි දූෂිතයෙක්.ආර්තික ගාතකයෙක් කියලා අදිකරණයෙන් පවා වරදකරු වෙචිචි .බලයේ හිටපු කාලේ පවුලේ උන්ව කිට්ටූ කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා .වහලුන්ට නම් රිදෙනවා ඇති,, ජනතාව පැන්නුවේ නිකම්ද ?
මෙම නිවස අලුත්වැඩියා කිරීමට අධික මුදලක් වැය කර තිබෙන බවට පසු ගිය සමයේ වාර්තා වී තිබුණි. එසේ වියදම් කර රැක බලාගෙන තිබෙන මෙම ගොඩනැගිල්ල, විදේශ තානාපති මන්දිරයක් වැනි කටයුත්තක් සඳහා දීර්ඝ කාලීනව බදු දීම වඩාත් සුදුසුය. එමගින් රජයට ස්ථීර ආදායමක්ද ලැබෙනු ඇත. එමෙන්ම මෙම නිවස පිහිටා තිබෙන්නේ නේවාසික කලාපයක බවත්, එම ප්‍රදේශයේ සෙසු නිවැසියන්ගේ ජීවිතවලට ගැටලුදායක තත්වයක් ඇති නොවන සේ ක්‍රියා කිරීම වැදගත් බවත් අමතක නොකළ යුතුය.
මහින්ද රාජපක්‍ෂ නමට පවා ජවිපෙ හිපාටුවන් තුළ ඇති වෛරයේ තරම මොනවාට පැහැදිලි වන මෙවන් වැඩ නිසා අ. මොනරවිල, භද්රාණි, ජගත් ලියනගේ පන්නයේ කී බෝඩ් කෑදැත්තන් චූන් වනවා හැර රටට නම් වැඩක් වන්නේ නැත.
කරුණාකර CID පවුල් වල අයට නවතින්න නිවස බාර දෙන්න. එය ගමන් කාලය ඔවුන්ට ඉතිරි කරයි. ඒක ඉතා හොඳයි. නිලධාරීන්ට වර්ග අඩි 30,000 ක් පමණ ඇති... එම නිවසේම නැවතී සිටීමෙන් මහින්ද ඇතුළු හොර නඩේට එරෙහිව නඩු පරීක්ෂණ ආරම්භ කළ හැකියි. මොකද CID නිලධාරීන් දිවා රෑ නොබලා මේ මුළු රටම හොරා කෑ අයගේ පරීක්ෂණ කටයුතු කරනවා...
බලය තාවකාලිකයි. කාටත් පොදුයි. පරිස්සමෙන් වැඩ කරන්න...
සුනාමියෙන් අවතැන්වූ අසරණයන්ට ලැබුණු පවුම් මිලියන ගානක ආධාර ගසාකාපු මහින්දයාට කාසල් එකක වුණත් ඉන්න බැරිකමක් නැහැ..
බල්ලෙකුට බනිසක් දුන්නොත් ඌ ඉන්නකම් ඒකට කෙළෙහිගුණ සැලකීමක් කරනවා. ඒත් බුදුදහම අදහන බුදුහිමියන්ගේ පළමු ආදර්ශය නොදන්නා කාළකණ්නියෝ බොහෝමයක් තමන්නේ කුහකත්වය ඊර්ෂ්‍යාව හා වෛරයෙන් පෙලෙමින් අදහස් දක්වා තියෙනවා... අපේ මුතුන්මිත්තෝ කිව්වේ කේන්ති ගන්න එපා... ඉක්මණට නාකිවෙනවා කියලා ඒක ඇත්ත මොකද වෛරයෙන් ක්‍රෝධයෙන් පිපිරි පිපිරී සිටියාම ලේ දූෂිතවෙලා සුවකරන්න බැරි අසනීප ඇතිවෙලා සිත අපිරිසිදුව මෙලොවින් චුතවෙලා ගියොත් සතර අපායෙන් එකකට මිසක් සුගතියකට යන්න ලැබෙන්නේ නැහැ අදහස් දක්වා තියෙන අය බෞද්ධයින් නම් බුදුහාමුදුරුවෝ දේශනාකළ ආකාරයට පව්කළ අය ඒවා විදීවි...
මැරෙද්දී ඕවා ගෙනියනවද?