(හර්ෂණ තුෂාර සිල්වා)
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි නැතැයි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පැවැසීය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි යැයි එම පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයකු වන සර් හියුගෝ ස්වයර් කරන ලද ප්‍රකාශය පිළිබඳව තමාගේ කිසිදු සතුටක් නැතැයි ද හෙතෙම කීය.
රටක තීන්දු තීරණ ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට විදේශිකයන්ට අයිතියක් නැතැයි ද කීවේය.
තවදුරටත් අදහස් දැක්වූ නේස්බි සාමිවරයා මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාවේ සිදු වූ කිසිවක් ව්‍යවස්ථා විරෝධි යැයි මා දකින්නේ නැහැ. එහෙත් එය අසාමාන්‍යයි. අසාමාන්‍යය දේවල් වෙනවා. එක්සත් රාජධානියෙත් එවැනි දේවල් වෙලා තියෙනවා. අප සම්පූර්ණ පාර්ලිමේන්තු කාලය අවසන් නොකරපු අවස්ථා තියෙනවා. මෙවැනි දේවල් තියෙනවා. මෙවැනි දේවල් හරි සාමාන්‍යයි. මේ දේවල් වෙනස් වෙනවා.
මේ සිදුවීම් දාමයට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන්ම ජනාධිපතිවරයා රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමයි එරට විධායකය. ඔහු ඡන්දයෙන් තේරී පත්වුණු කෙනෙක්. ඔහු රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි මට විශ්වාසයි. මා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හමු වී තිබෙනවා. ඔහු බුද්ධිමත් පුද්ගලයෙක්.
මම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවා නැහැ. විවිධ නීතිඥයන් විවිධ අදහස් පළ කරනවා. එය ස්වභාවික දෙයක්. රටක සිදුවීම් ව්‍යවස්ථානුකූල ද නැද්ද කියන්න අයිතියක් විදේශිකයන්ට නැහැ. හිටපු කනිෂ්ඨ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිදුවීම් ව්‍යවස්ථානුකූල නැතැයි සඳහන් කරමින් ප්‍රශ්නයක් නැගුවා.
එය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නීතිය නෙමෙයි. අපට අපේ ව්‍යවස්ථාවක් තිබෙනවා. මගේ පනස් වසරක සේවා කාලයේදී මම ඉතා පරෙස්සමෙන් තමයි කටයුතු කළේ. මම කිසිදු අවස්ථාවකදී එක් පාර්ශවකට සහාය දක්වා නැහැ. ව්‍යාපාර සිදු කර නැහැ. මගේ මිතුරන්ද එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”.
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් පසුගිය සතියේදී එරට පාර්ලිමේන්තුවේදී විදේශ ලේකම් (විදේශ අමාත්‍යවරයාට) ජෙරමි හන්ට්ට ප්‍රශ්නයක් යොමු කරමින් ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා එංගලන්තේ කෙනෙක් හින්ද, මෙයා කියන දේවල් අපේ අය ඉහ මුදුනින් පිළිගනී.
තමන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවා නැතිලු.ඒත් අගමැති පත්කිරීම ව්‍යවස්ථා විරෝධී නැතිලු. මේවා මේ එක එක්කෙනාගේ උවමනාවට කියලා කරවන ප්‍රකාශ බව මෙයින්ම පෙනී යනවා. නෙස්බි මන්ත්‍රීතුමා, තමුන් ඉන්නේ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ. එහි ගෞරවය නොකෙලෙසා ඉස්සෙල්ලා අදාළ දේ කියවා ඊට පසුව ඒ ගැන ප්‍රකාශ නිකුත් කරන්න ඉගෙන ගත්තොත් නේද වඩා නිවැරදි. අපේ ව්‍යවස්ථාව නොකියවූ කෙනෙකු එම ව්‍යවස්ථාව ගැන මේ කරන ප්‍රකාශය කිසිසේත්ම නිවැරදි නොවේ.
එංගලන්තේ ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ. ලංකාවේ ලිඛිත ව්‍යවස්ථාවක් තියෙනවා ඒක රාජ්‍ය නිලධාරීන්ගේ බලතල සඳහන් කොට, කල හැකි දේවල් පැහැදිලව ඇතුලත් කර. එංගලන්තේ එහෙම නැහැ පාර්ලිමේන්තු සම්ප්රදාය අනුකූලව තමයි කටයුතු සිද්ද වෙන්නේ. මෙතුමා ලංකාවේ ව්‍යවස්ථාව ගැන වැඩි අවබෝදයක් නැති බවයි හැඟෙන්නේ.
නේස්බි සාමි වරයා දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේත් ඉන් පිටතත් පෙනී සිටිමින් අදහස් පලකල ලංකාවට හිතවත් නම්බුකාර මහත්මයෙක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව සම්බන්ධ මන්ත්‍රී එකමුතුවේ සභාපති මෙතුමායි. නේස්බි සාමි වරයා ලංකාවේ ත්‍රස්තවාදී කලබල පැවති සම්පුර්ණ කාල සිමාව තුලත් ඉන් පසුවත් ශ්‍රී ලංකාවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සහ පොලිසියේත් ක්‍රියා කලාපය පිළිබඳව විවිධ පාර්ශ්වයන් විසින් ලොව පුරා පතුරුවා හැරි සාවද්‍ය තොරතුරු නිවැරදි කිරීම උදෙසා අති විශාල වැඩ කොටසක් ඉටුකළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ නිර්ව්‍යාජ සැබෑ හිතවතෙක්. බ්‍රිතාන්‍ය තුල මෙතුමා කෙරෙහි ඇත්තේද ඉතා උසස් පිළිගැනීමක්. දැනට ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති කණගාටුදායක තත්වය පිළිබඳව මෙතුමා දැනුවත් කර ඇත්තේ දැනට ලන්ඩන් නුවර සිටින අමාත්‍ය වසන්ත සේනානායක විසිනි. කෙසේඋවත් එක පුද්ගලයෙකුගේ කටවචනය විශ්වාස කර නිවේදනයක් නිකුත් කිරීමට තරම් නේස්බි සාමි වරයා අඥාන පුද්ගලයෙක් යැයි කිසිසේත්ම විශ්වාස කල හැකි නොවේ. එතුමා ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය පිලිබඳ සෝදිසියෙන් සිටින කෙනෙක් බවට නම් සැකයක් නැත.
පේනවා නේද? අපේම රටේ දේශපාලුවෝ විසින් අපේ රට තුල බුධිමත් ලෙස ක්‍රියා පටිපාටියන් අනුගමනය නොකිරීමෙන් අනිකුත් රටවල පුරවැසියන් හට අපේ රටට ඇඟිල්ල දික්කරන්න ඉඩ සලසා දෙනහැටි? පස්සේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න රට සවාරි යන්න, නීති උපදෙස් හොයන්න මහජන මුදල් කාබාසිනියා කරන හැටි. ඔන්න අපේ දේශපාලුවෝ ටික. ලෝකයේ වෙන කොයි රටේද මෙවැනි කාබාසිනියාකාර දේශපාලකයෝ ඉන්නේ?
නෙස්බි සාමිවරයා අමතන්නේ බුද්ධිමතුන් උගතුන් සිටින එංගලන්තයේ පාර්ලිමේන්තුවයි එමනිසා මෙහෙ කව්රුත් කලබල වියයුතු නැත.
අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.ඔවුන් අවසාන තීරණය ගනීවි.
කියවලත් නෑ හැබැයි නිවේදන නම් නිකුත් කරනවා. දයාසිරි සහ ඊයේ ඩියු ගුණසේකර මහත්තයලා කිව්ව දේ බලන්න. ඔවුන් පැහැදිලිව කිව්වා ජනාධිපතිට අගැමතිව පත් කල හැකියි නමුත් පත්වෙන පුද්ගලයාට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව තහවුරු විය යුතු බව.
මොහු කියනවා ව්‍යවස්ථාව කියවලා නැහැ කියලා. එහෙනම් කොහොමද මේ වැඩේ ව්‍යවස්ථා විරෝධී නැති බව දන්නේ. ඒක පුදුම කතාවක්නේ!
මාත් හිතන් හිටියේ හම සුදු අයට අපට වැඩිය මොලේ තියෙනවා කියලා.
එක්සත් රාජධානියට උනත් අන්තිමේදී ඇත්ත තේරුනා
සමස්තයක් විදිහට ගත්තම අපක්ෂපාති කතා බහක්.. තරමක් හොද මට්ටමක තියනවා.. නමුත් යම් යම් තැන් වල තිබෙන පරස්පර කතා කුමන නිර්ණායකයක් පදනම් කරගෙන කතා කරනවද කියන්න මට නම් තේරෙන්නේ නැහැ... ලාංකිකයෙක් විදිහට මට නම් කියන්න තියෙන්නේ තව තවත් විදේශිකයන් මේ ප්‍රශ්නෙට මැදිහත් නොකර ගෙන ඉක්මනට රට ස්ථාවරත්වයකට ගෙන්න..
නිව්ස් එක බලල තියෙන්නෙ 7800යි. ලයික් 12000යි ඩිස්ලයික් 40000යි. ඔන්න ඕකයි අද ලංකාවෙ තත්වෙත්. හැමතැනම බොරුව.
මෙයා අයුතු සැලකිලි ලැබුවා කියල එංගලන්ත රජයෙන් දඬුවම් ලබපු කෙනෙක්.
මේ රටේ මේ අවුරුදු තුනහමාරට මෙරට අගාදයටම තල්ලුවී ගිය හැටි ඔබ දකින්න ඇතැයි සිතමි. තවදුරටත් එය බලාගෙන සිටිය නොහැකි නිසා ජනාධිපති මේ අදූරදර්ෂී අගමැති පන්නා දැමීමට කටයුතු කිරීම ඉතා කාලෝචිතය. රනිල් ඔහුගේ පාලනය අවසන් කරන්නේ රටින් කොටසක් ද්‍රවිඩයින්ට පූජා කිරීමෙන් පසුය. අපේ රටේ මිනිසුන්ට මේවා මෝල්ගහෙන් ගහලා කීවත් තේරෙන්නේ නැත.