
(එම්.කේ.නන්දසේන)
රටවැසි ජනතාවට සෙත් පතා වර්ෂ අවසානයේ කතරගම පූජා භූමියේදී පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම සහ සංඟගත දක්ෂිණාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් හිටපු මැති ඇමති පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවෙි ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසකත්වය මත කිරිවෙහෙර අභියසදී මල් පහන් ගිලන්පස බුද්ධ පූජාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පුත් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සහභාගි වූහ.
හිටපු අග්‍රාමාත්‍ය වරියක්වන සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මිය මෙම පිංකම 1960 දශකයේදී ආරම්භ කොට ඇත. හිටපු අමාත්‍යවරයකු වන මහින්ද අමරවීර මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම පිංකම සංවිධානය කොට තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ යන එක වළක්වා ගන්න මේකෙන්වත් උදව්වක් තියෙයිද?
ඕවා කරලා මෙයාගේ පව් හොයාගන්න පුළුවන් නම් ඉතින් දෙවියන්ගෙන් වැඩක් නැහැ.
කිරිවෙහෙරේ සාදුත් රාජපක්ෂලා සමග තකට තක… ගෝටා මැණික් ගග අයිනේ හදපු හොර ගෙදර බේරා ගන්නත් මෙයා මැදිහත් වුණා.
කරන්න පුළුවන් පව් ඔක්කොම (පස් පවු) කරලා පන්සල් ගානේ ගියාට වැඩක් වෙන්නේ නැහැ .
කිරි වෙහෙර කිරියෙන් නෑවූවත් දූෂිතම පවුල් පාලනේ උදවිය රටට කරපු විනාසෙට, ගැලවීමක් නම් ලැබෙන එකක් නැහැ.