(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ද්‍රවිඩ මුනේත්ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
රටේ ජනතාවගේ බහුතර කැමැත්තක් නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම දෙමළ ජනතාවට තර්ජනයක් බවත් මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර දෙමළ ජනතාවගේ අයිතීන් ප්‍රතික්ෂේප කළ බවත් හෙතෙම සඳහන් කර ඇත.
ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත එම නිවේදනය උපුටා දක්වමින් ඒ බව සඳහන් කර තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජනතාව පීඩාවට පත් කළ බව ද පවසා තිබේ.
එම්.කේ. ස්ටාලින් මහතා එහි මෙසේ ද සඳහන් කර ඇත.
“ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව රෝ සංවිධානයට චෝදනා කළා. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා පසුව එසේ පැවැසුවේ නැතැයි කියා සිටියා. මෙවැනි තත්ත්වයක් මත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රෝ සංවිධානයට එල්ල වූ චෝදනා හා ශ්‍රී ලංකා නායකයන් ඉන්දියාවේ කරන සංචාර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඝාතනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතුයි. ඔහු නාවික හමුදාව යොදා ගනිමින් දෙමළ ධීවරයන්ට ප්‍රහාර එල්ල කළා. මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්වීම දෙමළ ජනතාවගේ මනසේ බියක් ඇති කර තිබෙනවා”.
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්වීම දෙමළ ජනතාවගේ තුවාල දෙසට නැවතත් පිහියක් දිගු වීමක් යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දියාවේ එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ පවසා ඇත.
චීනය ශ්‍රී ලංකාවේ පාලනය සියතට ගනිමින් සිටිමින් බවට ද ඔහු චෝදනා කර ඇත.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙසේ ද කියා තිබේ.
“මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීම පිළිබඳව යම් සැකයක් ඇති වෙනවා. විශේෂයෙන්ම මාලදිවයිනේ සිදු වූ බල වෙනසත් සමඟ ඇති වූ කනගාටුවත් ඒ සම්බන්ධයෙන් සැකයක් ඇති වෙනවා.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත්වීම නැවැත්වීමට ඉන්දීය රජය කටයුතු කළ යුතු තමිල්නාඩු ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන වී.සී.කේ. පක්ෂයේ නිර්මාතෘ තෝල් තිරුමාවලවාන් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු පත් උනත් රටට සෙතක් වෙයි කියන්න අමරුයි.
මේක රටගැන හිතන වෙලාවක්.
මොන බොරුවක්ද. දෙමළ ජාතීකයන් ඕන තරම් ජීවත් උනේ මහින්දගේ කාලේ. මෙතන ප්‍රශ්ණය තියෙන්නේ දෙමල ජනතාවගේ පිටින් දාලා කොටින්ව රකින්න යන එකෙයි. තමිල් නාඩුව කොටින්ට ඒ කාලේ ඉදලම සහාය දුන්න ප්‍රාන්තයක්. හරිනම් ඉන්දියාව කොටින්ට සහාය දෙන ඉන්දියාවේ දේශපාලකයන්ව අත් අඩංගුවට ගන්න ඕනේ, මොකද මේ ත්රස්තවාදීන් ලංකාව වගේම ඉන්දියාවත් බෙදන්න හදන්නේ.
මම මෙතන නිතරම කියන දෙයක් තමා ලංකාව පිළබඳව ඉන්දියානු මැදිහත් වීම. අපිට මේකට තියන එකම විසඳුම තමා තව අවුරුදු සීයයක් ගියත් කර ගන්න බැරි න්‍යෂ්ඨික අවි අත්පත් කර ගැනීම. එය නොකරන තුරු ඉන්දියාට අපේ සියල්ල පාලනය කිරීමේ හැකියාව තිබෙනවා. ඉන්දියානු ප්රතිපත්තය තමා ලංකා අාර්ථිකයේ කොටසක් ඔවුනට විවෘත කිරීම. එ්කයි අපි චීනය පැත්තට බර වෙනවට විරුද්ධ. ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක අැරුනම වෙන පක්ෂයක් බලයට එනවට කැමති නැත. එමෙන්ම ලංකාවේ ජනතාව ගේ කැමැත්තෙන් උතුරේ වෙනම රටක් වෙන් කලත් ඉන්දියාව අවි බලය යොදා හෝ එය වලකනවා. එ්කයි ඔවුන්ගේ ලංකාව පිළිබඳ විදේශ ප්‍රතිපත්තිය. වෙන මොකුත් නිසා නොව අප ඔවුන්ගේ පාරිභෝගිකයකු වශයෙන් තබා ගැනීමට. ඊටම අපේ සිංහල දමිල ජාතිවාදි පාලකයින් එම මැදිහත් වීමට මග සකසනවා.