ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයෙහි නියුතු වූවන් නියෝජනය කරන ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වීමට ප්‍රවීණ ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ යන මහත්වරුන් තීරණය කර තිබේ.
සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කරන ලදුව, රෝහණ වීරසිංහ මහතා විසින් සංගීතය නිර්මාණය කරන ලද ‘ඇඩ්‍රස් නෑ‘ නම් ගීතය, නව පරපුරේ ගායන ශිල්පීන් දෙදෙනෙකු විසින් අනවසරයෙන් වාණිජ කටයුත්තක් සඳහා භාවිතා කිරීම මීට හේතුව වී ඇත.
සංගීත ක්ෂේත්‍රයේ දහස් ගණනක් ශිල්ප ශිල්පීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔස්කා සංවිධානය සෘජුව පෙනී සිටින්නේ නම්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනෙකුගේ අයිතීන් එම අධ්‍යක්ෂ මණ්ඩලයේ ම සිටින කණිෂ්ඨයෙකු අතින් පැහැර හැරීමේදී මීට වඩා කටයුතු කළ යුතු බවත්, සංවිධානය කටයුතු කළ ආකාරය ගැන සෑහීමකට පත් නොවන බවත්, එබැවින් මින් ඉදිරියට එම ආයතනයෙහි අධ්‍යක්ෂ ධූරවලින් ඉල්ලා අස්වන බවත් එම ලිපියෙහි සඳහන් වේ.
මෙම ගැටලුවේදී භාතිය-සන්තුෂ් මහත්වරුන් දෙදෙනා රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට එකඟ වී ඇත. නමුත් මේ දක්වා එම මුදල ලබා දී නොමැති බව පවසමින්, ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂක මණ්ඩලයක තවදුරටත් කටයුතු කළ නොහැකි බව පවසමින් සුනිල් ආරියරත්න මහතා සහ රෝහණ වීරසිංහ මහතා ඔස්කා සංවිධානයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තියෙන අයටම තමයි තණ්හාවත් වැඩි..
සර්ගේ කට්ටිය..!!!
ඔය කපටි දෙන්නා ගියාට කාටවත් පාඩුවක් වෙයිද?
කී දෙනෙකුගේ සිංදු හොරකම් කරලා තියෙනවද? මම දන්න විදිහට 20කට වැඩියි.
ඔය භාතිය, සන්තුශ් දෙන්නා බොහෝ විට ගයන්නේ අනුන්ගේ සින්දු හෝ අනුන්ගේ සින්දු ටිකක් වෙනස් කරලා. නඩු දැම්මා නම් ඉවරයිනේ...
අයියෝ සල්ලි...!!!
මණ්ඩලේ කට්ටියට ලොකු උදව්වක් ඒක...
මහදුරුතුමාත්, රෝහණත් මේ රට ගරු කටයුතු චරිත... නමුත් මේ හාල්පාරුවන් පැපොල් ගස් වගේ අරටුවක් නැහැ.. මේ හාදයෝ පුම්බන්නෙත් මාධ්‍යම මිසක් වෙන මොනවත් නෙමෙයා. රිගින් ටෝන් හරහා මහා මංකොල්ලයක් වෙනවා කවුරුවත් කතා නැහැ. මෙතන දෛවයේ සරදමක් වෙන්නේ රෝහණත් කාලයක් මේ වගේ උන්මත්තකයින් හොඳයි කියලා කියපු එකයි... දැන් පේනවා නේද? මේ ක්ෂේත්‍රයේ මම දන්නා තරමට තමන්ගේ නිර්මාණ වෙනුවෙන් පෙනී ඉන්න කොන්දක් තිබුනේ ලූෂන්ට විතරයි..