
(සුමිත් පොතුපිටිය)
මොරගල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතිකයකු මුහුදේ ගිලෙමින් සිටියදී ඒ අසල සිටි සංචාරක මග පෙන්වන්නන් තිදෙනකු විසින් ඔහුගේ ජීවිතය බේරා ගෙන තිබේ.
රුසියානුවා දිවයිනට පැමිණ මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර, අද දහවල් දියනාමින් සිටියදී මුහුදේ ගසාගෙන ගොස් තිබේ. ඒ අවස්ථාවේදී එම සංචාරකයා ඔහුගේ ජීවිතය බේරා දෙන ලෙස කෑ ගසා ඇති අතර, ඒ අසල දියනාමින් සිටී තවත් සංචාරකයන් කිහිප දෙනකු උත්සාහ දරා ඇතත් එය ව්‍යාර්ථ වි ඇත.
පසුව මෙම සිද්ධිය දුටු එම වෙරළ ආසන්නයේ රැදී සිටි සංචාරක මගපෙන්වන්නන් තිදෙනකු මුහුදට පැන එම සංචාරකයා මහත් ආයාසයක් දරා සුරක්ෂිතව ගොඩබිමට රැගෙන විත් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්ස ජීවිතයක් බෙර ගත්ත ඔබලට ගොඩක් පින්.