
(ඩී.ජී. සුගතපාල)
කුඩාවැල්ල ධිවර වරායෙන් මීට දින තුනකට පමණ පෙර මුහුදු ගිය ධිවරයන් පිිරිසක් අතර ඈත මුහුදේදි ඇතිවු ගැටුමකින් තුවාල ලැබු ධිවරයන් තිදෙනකු නාවික හමුදාව විසින් ගාල්ල වරායට ගෙනැවිත් අද (18) සවස කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව වරාය පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ කුඩාවැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය දැහැමි නමැති බහුදින යාතුාවේ ස්කිපර්වරයා සහ තවත් ධිවරයන් දෙදෙනකි.
මුහුදු සැතපුම් 200ක් පමණ දුරදි මෙම ගැටුම ඇතිවි තිබෙන අතර සිද්ධියට සම්න්ධ සැකකරුවන් වෙනත් බොට්ටුවකින් පලාගොස් ඇති බවට අනාවරණයවි ඇති බවද පොලිසිය පවසයි.
තුවාල ලැබු ධිවරයන් වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවකින් ගොඩ බිමට ගෙන එමින් සිටියදි පසුව නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවකින් ගාල්ල වරාය වෙත ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතලත් කරන ලදි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කේස්ද දන්නේ නැහැ