(යොහාන් භාසුර)
වෙත්තලකේනී කුඩෙයිරිප්පු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධීව කිමිඳුම් කටයුතු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු, ඩිංගි යාත්‍රා දෙකක් සහ මුහුදු කූඩැල්ලන් 10,000 ක පමණ තොගයක් භාරයට ගත් බව නාවික හමුදා පැවසීය.
උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීමට අයත් මැරීන් කණ්ඩායමක් වෙත්තලකේනී කුඩෙයිරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රී කළ විශේෂ මෙහෙයුමේදී නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ එම මුහුදු ප්‍රදේශයේ කිමිදුම් කටයුතු කරමින් සිටි මෙම පිරිස සහ භාණ්ඩ භාරයට ගත් බවත් එම පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 35 ත් අතර වයස්වල පසුවන කුච්චවේලී ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ගත් බවත් නාවික හමුදාව කීය.
සැකකරුවන්, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රා සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය, තලයඩි ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දුන් බවද නාවික හමුදාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd