IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම දිනය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක්

(රංජිත් රාජපක්ෂ)

                       මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම දින සංවත්සරයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් නුවරඑලිය රම්බොඩ ඩන්සිනන් වතුයායේ ඉදි කරන ලද මහත්මාගාන්ධිපුර නව ගම්මානයේදී අද (20) සිදු කෙරිණි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක , මානව වැවිලි භාරයේ සභාපති පුත්‍රසිගාමනි ,මෙරට ඉන්දියානු  මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන නිලධාරී මංජුනාත් යන මහත්වරු ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එම වතුයායේදී මෙම රුක් රෝපණ වැඩසටහන සිදුකළහ.

මෙම රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ගාන්ධිපුරම් නව ගම්මානයේ පදිංචි වතු කම්කරුවන්ට ආර්ථික වශයෙන් වටිනාකමක් ඇති පැළ විශාල ප්‍රමාණයක් ගෙවත්තේ රෝපනය කර ගැනීම සඳහා මෙහිදී බෙදා දුන්නේය.

එම වතුයායේ මේ වන විට ඉන්දියානු රජයේ සහ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ නිවාස 383 ක් ඉදිකර වතු කම්කරු අයිතියට පත් කර ඇත.

 



අදහස් (0)

මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම දිනය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site