IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුහුණුපොතෙන් හොරබඩු විකිණු සිසුවාට වැඩ වරදී

(බී.ජී. චතුරංග)

රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් යුත් යතුරු පැදියක්  සොරකම් කර එහි එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර "ෆේස්බුක්" සමාජ මාධ්‍ය හරහා අඩු මුදලකට විකුණූ කාර්මික විද්‍යාල සිසුවෙකු සහ සොර බඩු බව දැන දැනත්  එම යතුරු පැදිය  මිලදී ගත් ගිලන් රථ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අනුරාධපුර පොලිසියේ බුද්ධි අංශ නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචි,  කාර්මික  විද්‍යාලයක මෝටර් රථ කාර්මික  පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටින  18 හැවිරිදි සිසුවෙකු  සහ මෙරට ප්‍රසිද්ධ ගිලන් රථ සේවයක  සේවයේ නියුතු  වාරියපොළ ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි.

අනුරාධපුර නගරයේ හෝටල් පාසල ආසන්නයේ නවතා තිබුණු එෆ්. ඉසඩ් වර්ගයේ යතුරු පැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ලැබුණු  පැමිණිල්ලකට  සිදු කළ  දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාර කාර්මික විද්‍යාල සිසුවා මෙම යතුරු පැදිය සොරා ගෙන එහි එන්ජින් අංකය සහ චැසි අංකය ඔහු විසින්ම සූක්ෂම ලෙස මකා දමා, එම යතුරු පැදිය විකිණීම සඳහා  ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කර  165000 ක මුදලකට  විකුණා තිබූ  බව පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.

ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් යුත් යතුරු පැදියක්, අඩු මුදලකට විකිණීම, එන්ජින් අංක සහ චැසි අංක නොමැති වීම බව දැන දැනත් එය මිලට ගත් ගිලන්රථ සේවකයා පොලිසියට හසු නොවන පරිදි  වෙනත් යතුරු පැදියක අංක තහඩු සවිකර  ධාවනය කර තිබූ බව පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (2)

මුහුණුපොතෙන් හොරබඩු විකිණු සිසුවාට වැඩ වරදී

Santhu Sunday, 26 February 2023 03:16 PM

අප්පද බොල! මාතෘකාව දකින කොටම හිතුවා මේ නම් අනුරාධපුරයේ වැඩක් කියලා...

:       0       1

මරික්කාර් Sunday, 26 February 2023 08:22 PM

මේ වගේ ශිෂ්‍යයන් ද අනාගත පරම්පරාවට ආදර්ශ හා මග පෙන්නන්නේ... රටේ නීතියට ගරුකරන ආණ්ඩු නැත්තම් මහජනතාවට ඉතුරුවෙන දේ මේකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site