
(අතුල පී බණ්ඩාරනායක)
මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරන් පිරිසක් කුරුණෑගල , රඹාවැව ප්‍රදේශයේ නිවසක පැවැත්වූ සාදයක් වටලා මුදල් මත්පැන් සමඟ සාදයේ සංවිධායක සහ සාදයට සංගීතය සැපයුම්කරු ලෙස සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සාදය පැවැත්වෙන අවස්ථාවේ එහි 24 දෙනකු සිට ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණිමත් සමඟ සාදයේ සිටි 22 නකු පළා ගොස් ඇතැයිද පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සමඟ මත්පැන් බියර් බොතල් 12 ක් , හිස් මත්පැන් බොතල් කිහිපයක් සහ මුදල් රුපියල් 175,000 ක් සිය බාරයට ගත් බව පොලීසිය කියයි.
පළා ගිය සැකකරුවන් පිළිබව තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ඳ මේ රට පාලනය කරන්නෙ තලේබාන් කාරයොද කොහෙද. පාටියකට ගියා කියල පොලිස් අත්ඩංගුවට ගන්නෙ. ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට තමයි. කොළඹ 7 පාටිවලටත් මෙහෙම පනිනව ඇති.
අපි පොඩිකාලේ හොරා පොලිස් සෙල්ලම කරද්දී පොලීසියෙන් එන්නේ හරිද.ඔන්න අපි එනවා.කියලා. එතකොට හොරු ටික තැන්තැන් වල හැංගෙනවා... මේ වැටලීමට පොලීසිය ගිහින් තියෙන්නෙත් ඒ වගේ කළිං කියලා ද දන්නේ නැහැ
දැන් මෙතන නීතිවිරෝධී මොකක්ද ? කඨින පිංකමට 50ක් එකතු වෙන්න දීල තියෙනවා. මෙතන ඉඳල තියෙන්නෙ 25 අඩුවෙන්. එතකොට රට වටේම බාර් ඇරලා තියෙනවා. එතකොට අරක්කු බියර් නීති විරෝධී වෙන්නෙ කොහොමද?මුදල් නීති විරෝධී විදියට හම්බ කරගත්ත ඒවා හරි ව්‍යාජ මුදල් හරි නෙමෙයි නම් එතන සල්ලි තියා ගන්න එකේ වැරැද්දක් තියෙනවද? සංගීතය අනුන්ට කරදරයක් වෙන විදියට හඩ නගල නැත්නම් ඇයි සංගීතය සපයපු කෙනා අත් අඩංගුවට අර ගත්තෙ? එහෙම නීතිය හරියට ක්‍රියාත්මක වෙනව නම් ආණ්ඩුවෙන් කරන සැණකෙළිත් නවත්තල දාන්න ඕනෙ. පෙරහැරවලුත් නීති විරෝධීයි. ලංකාවේ තියෙන්නෙ සරත් වීරසේකරගේ නීතියද දණ්ඩනීති සංග්‍රහයේ ඇති ලිඛිත නීතියමද කියලා හොයලා බලන්න වටිනවා.
ලංකාවට ගිය කල.