
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
කරදිය නාරු ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය විසින් ඉදිකරමින් පවතින නව නිවස පරික්ෂා කර එහි සැලසුම අනුමත නොකර ඉඳිකිරීම වරදක් බවට පවසා ඒ සඳහා නීති මඟින් කටයුතු කළහොත් රුපියල් 50000/= ක දඩයක් නියම වන බවට දන්වා එය සිදු නොකර ඉදිකරමින් පවතින නිවස බාධාවකින් තොරව ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා රුපියල් 12000/= ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.
ඒ සඳහා පැමිණිලිකාරිය ඉදිකරමින් පවතින නිවස ආකාරයටම සැකකරු විසින්ම සැලසුමක් ඇඳ එම සැලසුම අනුමත කරදීමට එකී මුදල ඉල්ලා එම මුදලින් රුපියල් 5000/= ක් මුලින් ලබාගෙන ඉතිරි මුදලින් රුපියල් 6000/= ක් පමණක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කරදිය නාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරිසකවරයකු ලෙස සේවය කරන සැකකරු පැමිණිලිකාරියගේ නිවසේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහජන සෞඛ්‍ය පරීක්ෂක අල්ලස් දැලේ
Janii Wednesday, 30 April 2025 08:08 AM
සෞඛ්‍ය පරීක්ෂක ට නිවාස සැලසුම් අදින්න බලයක් නෑනෙ. මිනිස්සු ඒක දැනගන්න ඕන ඔක්කොටම කලින්. දැන් නිවාස සැලසුම් අදින්න බලය තියෙන්නේ architect සහ building drafting technologist ලට විතරයි