(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක්වන ශ්‍රී ලංකා මහජන පක්ෂය තීරණය කර ඇත.
මේ අනුව එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ සමුළුවට සහභාගී වනු ඇත.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩලය පෙරේදා(21) රාත්‍රියේ රැස්වූ අතර මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් සකස් කෙරුණු යෝජනාවලියක් ජනාධිපතිවරයාට දැනටමත් බාරදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
රටේ පවතින ප්‍රශ්නය විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි තම පක්ෂය මුලින්ම යෝජනා කළ බවත් ප්‍රමාදවී හෝ රජයේ එම තීරණයට පැමිණීම ගැන සතුටු වන බවත් නවරත්න මහතා ප්‍රකාශ කළේය.
මේ ප්‍රශ්නය සියලු පක්ෂ එකතුවී විසඳිය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය යැයි අසංක නවරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහජන පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට යයි