(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 08 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළේය.
මෙම පෙත්සම ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ කුමුදුණී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරුමඩුල්ලක් හමුවේ අද (04) සලකා බැලිණී.
නිතීඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, මුදල් මණ්ඩලය, මහ බැංකු අධිපති, විදුලි බල මණ්ඩලය සහ රාජ්‍ය ආයතවල නිලධාරීන් කිහිප දෙනෙක් නම්කරනු ලැබ ඇත.
විදුලිය ජනනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත් අඛන්ඩව විදුලිය සැපයීම සහතික කිරිම සදහා ඉන්ධන සැපැයීමට බලධාරින්ට උපදෙස් ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.
විදුලි අර්බුදය මගහරවා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමසම මගින් අදාළ බලධාරීන්ට ලබාදී ඇති උපදෙස් කිසිවක් 2016 වර්ෂයේ සිටම ලබාදී ඇතත්, කිසිදු ආයතනයක් එම උපදෙස් පිලිපැද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පෙත්සමේ සදහන් වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 200ක් වෙන් කිරීමටත් විදුලි උත්පාදනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට සහ ඉන්ධන සැපයීම සදහාත් අදාළ අමාත්‍යවරුන්ට සහ බලධාරීන්ට උපදෙස් දීමටත් කටයුතු කර ඇතැයි ද මහජන උපයෝගීතා කොමිසම සිය පෙත්සමේ දක්වා ඇත.
එබැවින් විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට මුදල් අමාත්‍යවරයාට, භාණ්ඩාගාර ලේකම්වරයාට සහ ආණ්ඩුකාරවරයාට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහජන උපයෝගීතා කොමිසමේ පෙත්සමට දින නියමවෙයි