සොච්චම් ගන්න ආවෙමු හිමිදිරි            රැයක

මහ පෙළපාලියක දිගු හැඩගත්           කලෙක

එනකල කොරෝනා අප පසුපස             ලගක

කෙලෙසක සිටගමුද හිද රියනක             දුරක

(පද පෙළ :-ආරියසේන හඳුවල)

(ශාන්ත රත්නායක)

අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ආධාර ගෙවීම් අද 02 ග්‍රාන්ඩ්පාස් තැපැල් කාර්යාලයේදී ලබා දීම සිදු කළේය.

දීමනා ලබාගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ද නොතකා වැඩිහිටි ජනතා පැමිණ සිටි අයුරු මෙම ඡායාරූපවලින් දැක්වෙයි.‍