
(සුජිත් හේවාජුලිගේ සහ කඔුරුපිටිය ප්‍රීති ජයවර්ධන)
ලෝකයේ හොඳම පර්යේෂකයන් 100 දෙනා අතරට තේරුණු ලංකාවේ 24 දෙනා අතර පළමු තැන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ලෝක විද්‍යා ඇකඩමිය පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානයද (2020) හිමි කරගෙන සිටින්නීය.
කසල ජෛවස්කන්ධ ජෛව අගුරු බවට පරිවර්තනය කිරීම සහ එය පරිසර දූෂණය අවම කර ගැනීම සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළට අදාළ පර්යේෂණය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමිවී ඇත.
මෙම සම්මානය සෑම වර්ෂයකදීම පිරිනමනු ලබන්නේ ලෝකයෙන්ම එක් විද්‍යාඥවරියකට පමණි. විද්‍යා සහ තාක්ෂණය සඳහා අඩු පහසුකම් සහිත රටවල සිටින කාන්තා පර්යේෂිකාවන් අතුරින් අයෙක් මේ සම්මානය සඳහා තෝරා ගැනෙති.
නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු අයදුම්පත් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව මෙම සම්මානය පිරිනමනු ලැබෙන අතර මේ සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ අදාළ විද්‍යාඥවරියන් විසින් නොවීමද විශේෂත්වයකි.
මෙම සම්මානය සඳහා සලකා බැලුණු ජෛව අඟුරු මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් නිෂ්පාදනය කරනු ලැබ තිබුණේ කොම්පෝස්ට් සෑදීමේදී ශේෂවන සියයට 50ක් වන අපද්‍රව්‍යවලින්ද කුණු කඳුවලට බහාලන කසළවලින්, ලී කුඩු , බලශක්තිය සදහා ඇල්බීසියා ආදාහනය කළ පසු ඉතිරිවන අඟුරු, වී පොතු (දහයියා) සහ ආක්‍රමණික පැළෑටි වැනි විවිධ ජෛව ස්කන්ධ යොදාගෙනය.
පසෙහි සහ ජලයේ ඇති බැරලෝහ, ප්‍රතිජීවක වැනි ඖෂධ ද්‍රව්‍ය,ග්ලිෆොසේට්, කාබෝෆියුරාන් වැනි ද්‍රව්‍ය අහිතකර මට්ටමට අන්තර්ගතව ඇතිවිට මෙම ජෛව අඟුරු යොදා ගෙන ඒවා උරා උරාගැනීමට සැලැස්වීම මගින් අදාළ මාධ්‍යවලින් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට හැකියාව ලැබෙන බව පවසන විතානගේ මහත්මිය මෙයට අමතරව සක්‍රිය කළ කාබන් වෙනුවට ජෛව අඟුරු යෙදූ පිරිසුදු කිරිමේ ඒකක සකසා ඒ හරහා අපවිත්‍ර ජලය ගලා යෑමට යෑමට සැලැස්වීමෙන්ද විෂ ඉවත් කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් කළාය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ගස් කපන්න බලපත්‍රය ගන්නත් එහෙමයි. ගස් කපන්න වගේම ප්‍රවාහනයට වෙනම ලියවිලි හදන්න වෙනවා. මමත් එම කාර්යාලයක සුලු කලක් හිටි නිසා ඇහුවා ගොනු දෙකට වෙන වෙනම ඕනේ ඇයි කියලා... එකම කාරණය වවාගෙන කනවා. මෙහෙම වුනේ පසුගිය කාලේ තිබුණු එලදායිතාවය නම් විගඩම හා රැකියා දීමට පත්වීම් ලබාදීම ඉතින් එක කාරණය සදහා තුන් හතර දෙනෙක් ඉන්නවා. එකෙක් නැත්නම් වෙන දවසක එඑන්න කියනවා වැඩ බැලීමේ ක්‍රමයක් නැතත් නිවාඩු ඉල්ලුම් පත්‍රයේ වැඩ බලන්න අත්සන් කරනවා ලොක්කට කිව්වාම එයා නිවාඩු කියනවා අදාල චක්‍රලේඛය ලොක්කො සොක්කො කවුරුත් දන්නේ නැහැ... කරන්නන් වාලේ කරනවා.. මෙහෙමයි රටේ තත්වය...
ශ්‍රී ලංකාවේ නාමය ලොවට රැගෙන ගිය ඔබට මගේ ආචාරය
ඔබ තුමියගේ මෙම ජයග්‍රහනය මුලු ලංකාවටම ආඩම්භරයකි.
ෂා නියමයි, සුභ පැතුම්.!
මෙවැනි වටිනා සම්පත් මව්බිම අතහැර නොයා සිටීම සතුටට කාරනයක්.
ලෝකෙම පිළිගත් විද්වතුන් ලංකාවේ ඉන්නවා, අපි අපේ විද්වතුන් ගේ මත වලට ගරු කල යුතුය
අපි සම්මානය අගය කරනවා!
මහාචාර්යලා ටිකත් ඒ රටවල් වලටම ඇදලා ගනී වගේ ?ඉන්නෙත් ටික දෙනයි එක්කෙනාට පඩිය කෝටියක් ගානේ දුන්නත් පාඩු නැහැනේ ඒ පාඨමාලා වැහිලා ගියාම අපේ අතේ මිටේ යමක් ඇති කොල්ලෝ කෙල්ලෝ සිය ගානක් ඒ රටවලට යනවා .මාසෙට කෝටිය ගානේ ගෙවලා උපාධි කරන්න.ඒක ඒගොල්ලන්ට සල්ලි උල්පතක් .අන්තිමේ ඒ ළමයි ඉගෙන ගෙන ආපසු ආවහම මෙහෙ ඉන්න වෘර්තීය සංගම් ,කවුන්සිල් වල ඉන්න පඬිවරු ඒ උපාධිය මෙහෙ ප්‍රමිතියට නැහැ ,පිළිගන්න බහ කියලා ඒ ළමයි කුණු මල්ලට ඇදලා දානවා
හරිම සතුටුයි. උණුසුම් සුභපැතුම්.!
ඇත්තටම මම ගොඩක් සතුටුයි. අපේ මහාචාර්ය මෙත්තිකාට ස්තුතියි.
බොහෝ සුබ පැතුම්! !!! ඔබගේ නව නවෝත්පාදනය සහ සම්මානය සඳහා.
ලංකාවට කීර්තියක් ගෙනා ඔබතුමියට සුබ පතමු...
විතානගේ මහත්මියනි, ඔබට අපේ උණුසුම් සුබපැතුම්... ලෝකය ඉදිරියේ සීඝ්‍රයෙන් අවමානයේ පල්ලමට වැටීගෙන යන අපේ රටට මෙච්චර ගෞරවයක් ලබාදීම ගැන ඔබට අපේ ප්‍රශංසාව... තවතවත් මෙවැනි ලොවට යහපතක් උදාකරන සොයාගැනීම් කරන්නට හැකිවේවා... ඒවායින් මේ රටට යහපතක්ම වේවා... ඔබටත් ඔබට සහාය දුන් කණ්ඩායමටත් දෙවිපිහිටයි.
කොවිඩ් වලින් අපිට ලොකුම අපරාධය කළා බොරු මත ඉදිරිපත් කරලා. කිසිම වැඩකට නැති පර්යේෂණ. බහුජාතික සමාගම් වලට හොඳයි.