IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහාචාර්ය ධම්මික ගංගානාත් අවසන් ගමනේ

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

(ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

 මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා ආගමික වතාවත් අද (13) සවස මත්තේගොඩ සම්බුද්ධි වත්තේ පිහිටි ඔහුගේ  නිවසේ දී පවුලේ ඥාතීන් ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ගංගානාත් මහතා ජපානයේ හිටපු  ශ්‍රී ලංකා තානාපතිවරයකු සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු ලෙස කටයුතු කළේය.

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා කෙටි කලක් රෝගාතුරව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 11 වැනි දා අභාවප්‍රාප්ත විය.

පසුව ඔහුගේ දේහය මත්තේගොඩ සම්බුද්ධි වත්තේ  අංක 240 /3/A හි පිහිටි, නිවසට ඊයේ (12) උදෑසන රැගෙන ආ අතර ,එම අවස්ථාවේ සිට  ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසක්  නිවසට  පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ ,හිටපු කථානායක කරූ  ජයසූරිය ,තිස්ස අත්තනායක ,මංගල සමරවීර නලින් බණ්ඩාර ,පාඨලී චම්පික රණවක ,ගයන්ත කරුණාතිලක ,රංජිත් මද්දුම බණ්ඩාර ,ඇතුළු දේශපාලඥයින්  කලාකරුවන් ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ,දෙස් විදෙස් තානාපති කාර්යාල නියෝජිතයින් විශාල පිරිසක් සිටියහ .

පිරිස පංච පංචශීලයේ පිහිටුවා මූලික ආගමික වතාවත් මත්තේගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිකරි,රාජකීය පණ්ඩිත ඇඹිලිපිටියේ චන්දානන්ද  ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලැබීය.

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංසභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ හා ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ පැවිදි අනුශාසනා පැවැත්වූහ.



අදහස් (5)

මහාචාර්ය ධම්මික ගංගානාත් අවසන් ගමනේ

Karunarathna Gampola. Thursday, 13 August 2020 01:48 PM

මැතිතුමනි, ඔබතුමාගේ භවගමන ඉක්මණින් අවසන් වේවා...!!! ගෞතම බුද්ධ ශාසනයේ පවතින කාලයේම නිර්වාණය අවබෝධ වේවා..!!!

:       4       325

විජිත් Thursday, 13 August 2020 04:12 PM

සුබ ගමන් ගරු මහාචාර්ය තුමනි. දිව්‍යලෝකයේ ගිහිල්ලත් " පැණි වළලු " ගැන කතන්දර ගොඩක් කියලා ,තවත් පින් රැස්කරගෙන, තවත් ආත්මයක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමතිතුමාවී, දැනට පුරන්වී ඇති අධ්‍යාපන ක්ෂේත්‍රය , ක්ෂේමභූමියක් කොට ..දහසක් සිසු සිසුවියන්ගේ නෙත් සිත් පාදා... ඒ පිනෙන්ම මෙතේ බුදුන් දැක නිවන්දකින්න ඔබට හේතු වසනාවේවා...!!!

:       2       104

සපුමල්.(Sapumal,SAPUMAL ) Friday, 14 August 2020 01:58 AM

මහ ඇදුරුතුමනි, වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙස විශ්ව විද්‍යාලය තුළ ඔබතුමාගෙන් ශිල්ප උගත්තෙමු. එම ගුරු ගෞරවයට මෙසේ සටහනක් තැබීම කළ යුතුමයි. ඔබතුමාට නිවන් සුව ... !!!

:       6       105

විජිත් Friday, 14 August 2020 08:39 AM

සුබගමන් ගරු මහාචාර්යතුමනි. දිව්‍යලෝකයේ ගිහිල්ලා .. එහෙදීත් " පැණි වළලු" කතන්දර ගොඩක් කියලා තව තවත් පින් රැස්කරගෙන, ඊළඟ භවයේදී අායෙත් වතාවක් මේ රටේම ඉපදී අධ්‍යාපන අමති තුමාවී... දැනට පුරන්වී, වල් බිහිවී, විනාශ වී ඇති අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය, කෙම්බිමක් කොට රටේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත සිසු සිසුවියන්ගේ නෙත්, සිත් පාදා. ඒ ලබන පිනෙන්ම මෙතේ බුදුන් දැක නිවන් දකින්නට ඔබට හේතුවාසනා වේවා..!!!

:       36       122

චමින්ද Tuesday, 18 August 2020 01:00 PM

මැතිඳුණි, ඉක්මණින්ම නැවත මනුලොව උපත ලබා මේ රටේ ජනතාවට ඇත්ත නැත්ත, හොඳ නරක පහදාදී සසරින් එතෙරවීමට සිතාගන්න.

:       0       109

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site