IMG-LOGO

මහගමසේකරගේ බිරිය දිවියට සමුදෙයි

(ආරියරත්න රණබාහු)

මෙරට අග්‍රගන්‍ය  කුසලතා පූර්ණ කලාකරුවකු  වු දිවංගත මහගමසේකර මහතාගේ  ආදරණීය  බිරිඳ  වුවිශ්‍රාමලත් පාඨශාලාචාරිනි කුසුමලතා මගමසේකර ගුරු මාතාව ඊයේ (21) පෙරවරුවේ  අහාවපුාප්ත වූවාය

මියයනවිට 88 වන වියේ පසු  වු ඇය තිදරු මවකි.

මහගමසේකර  කලාකරුවාගේ නිර්මාණ  දිවියට නිබඳ අත්වැලක් වු කුසුමලතා මහත්මිය  1963 දි ඔහු හා විවාහ වි ඇත.

පේරාදෙණිය  ව්ශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වු ඇය1962දි ගුරුසේවයට  පිවිස තිබේ  මිරිගම ජාතික පාසල(එවකට මිරීගම මහා විද්‍යාලය)

ගම්පහ රත්නාවලී බාලිකා  විද්‍යාලය. සහ බොරුල්ල රත්නාවලී විද්‍යාලය. ඇය  සේවය කළ පාසල්  අතරවේ.

සිය දූ දරුවන් ට මෙන්ම ආදරණීය  ගුරුමාතාවක් වු  ඇය සිංහල විෂය ඉගැන්වීමේ සහජ දක්ෂතාවයක් දැක්වුවෙකු ලෙස ද ප්‍රකටය.

දේහය24 සිකුරාදා  පෙරවරු 10.00 සිට  බොරැල්ල ජයරත්න  රෙක්ස්පෙටි  මල් ශාලාවේ තැන්පත්  කර තැබෙන අතර ආදාහන කටයුතු 25⁣ සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල  කනත්ත පොදු සුසාන භුමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ ආදාහන  පරිශ්‍රයේ  සිදුකෙරේ.



අදහස් (12)

මහගමසේකරගේ බිරිය දිවියට සමුදෙයි

ලුම්බිණි Wednesday, 22 November 2023 12:34 PM

සුබ ගමන් ඔබට. නිවන් සුව!

:       3       47

Muthu Wednesday, 22 November 2023 12:46 PM

වෙළෙන්දෙක් නොවුණු එකම කළාකරුවා, සේකර. කලාවේ නමින් අද ඉන්නේ පාරිභෝගිකයෝ හා වෙළෙන්දෝ විතරයි.

:       0       59

රංබොඩ Wednesday, 22 November 2023 01:17 PM

නිවහල් සේකරයන්ගේ ශක්තිය වී බොහෝ දුක් ගැහැට විඳි මේ උත්තමාවියට ජාතියක් ලෙස නොසැලකීම පසක් වන්නේ මියයන තුරුම ඇය ගැන කතා නොකිරීමෙනි. සේකරයන්ගේ දරුවන්ට හෝ ඒ අසාධාරණය නොවේවා! යැයි පතමු...!

:       0       47

DonSunday, 26 November 2023 02:47 AM

අපි නිවටයෝ

:       2       0

පියනන්ද Wednesday, 22 November 2023 01:24 PM

මහා පුරුෂයෙකුට බිරිඳක්ව සිටි ඔබගේ භවගමන සුගතිගාමී වේවා !

:       0       58

අරවින්ද මොනරවිල Wednesday, 22 November 2023 01:41 PM

සුබ ගමන් ඔබට ආදරණීය ගුරු මවුනි...!

:       7       31

iks chandrasiri Wednesday, 22 November 2023 01:50 PM

නිවන් සුව ලැබේවා...!

:       0       33

මැක්ස් Wednesday, 22 November 2023 02:31 PM

මේ විශිෂ්ට ගුරු මාතාව මියගිය පසු ඇයට නිවන් සුව ප්‍රාර්ථනා නොකර "සුබ ගමන්" ප්‍රාර්ථනාවන් කරන්නේ මියගිය පසු අපි කොහේ යනවා කියල හිතාගෙනද? එසේත් නැත්නම් මොඩ් බොදුනුවන් වීමට වලිකන නිසාද?

:       2       25

Pradeep KumaraWednesday, 13 December 2023 09:04 AM

"නිවන" යනු මියගිය පසු ලබාගත හැකි දෙයක් නොව ජීවත්ව සිටියදී ලබාගත යුතු දෙයකි. මං හිතන්නේ ඒ නිසා වෙන්න ඇති සුභ ගමන් කියන්නේ.

:       0       1

ලසන්ත Wednesday, 22 November 2023 03:38 PM

ඊළඟ මිනිස් භවයේදීම නිවන්සැප ලැබීමට හේතු වාසනාවේවායි පතමු

:       1       6

Muthunamagonnage Ayesh Nadira Fernando Wednesday, 22 November 2023 05:16 PM

සුබගමන් ගුරු මෑණියනි...!

:       5       8

Lalith Monday, 27 November 2023 03:26 AM

ගුරු මෑණියනි, ඔබ්ට අජරාමර නිවන් සැප ලැබේවා!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 788 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site