
(අංජුල මහික වීරරත්න)
මාලිමා ආණ්ඩුව නාමල් රාජපක්ෂ ගේ නමටත් බිය වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
රටේ ජනතාව නාමල් රාජපක්ෂගේ තරුණ නායකත්වය වටා ඉතාම ශක්තිමත්ව පෙළ ගැසෙමින් සිටින මොහොතක ආණ්ඩුව බොරු චෝදනා නගමින් ඔහු සිරගත කිරීමට උත්සහ දරන බව ද සාගර කාරියවසම් මහතා කීය.
කාරියවසම් මහතා මේ බව කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවේදීය.
"මේ ආණ්ඩුව මේ වන විට නාමල් රාජපක්ෂ මහතාට ඉතා දැඩි ලෙස බයවී තිබෙනවා. මන්ද මේ ආණ්ඩුව කරන බොරුවට එරෙහිව දැන් රටේ ජනතාව නාමල් රාජපක්ෂ තරුණ නායකත්වය වටා ඉතාම ශක්තිමත්ව පෙළ ගැසෙමින් තිබෙනවා. ඔවුන් දන්නා එකම දේ බොරු චෝදනා නගමින්, නීතිය අවභාවිතා කරමින් ඔහු සිරගත කිරීමට උත්සාහ දැරීමයි.
අපි කිසිදු ආකාරයෙන් නීත්‍යානුකූලව සිදුකරන විමර්ශනයකට හෝ සාධාරණව සිදුකරන නඩුවිභාගයකට මුහුණ දෙන්න බය වෙන පැකිලෙන කණ්ඩායමක් නොවේ යනුවෙන් ද කාරියවසම් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd