(විනීතා එම් ගමගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ නිවසේදී පිළිස්සී මියගිය දාසය හැවිරිදි දැරිය පාසල් නොයවා මෙහෙකාර සේවයට යැවීම පිළිබඳව ඇගේ මව්පියන්ගෙන් හා ඇය ජීවත්වූ අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරියාගෙන් කරුණු විමසන බව රාජ්‍ය අමාත්‍ය පියල්නි ශාන්ත මහතා පවසයි.
දරුවන් පාසල් නොයැවිම ගැන මව්පියන් වගකිව යුතු වුවත් ඔවුන්ට දරුවන් පාසල් යැවිය නොහැකි හේතූ ඇත්දැයි සොයා බැලීම ප්‍රාදේශීය මට්ටමේ නිලධාරියාගේ වගකීමක් බව අමාත්‍යවරයා කියා සිටියේය.
ඇගේ මරණය හා ඒ සම්බන්ධ සිද්ධීන් පිළිබඳව පොලිසිය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙනම විමර්ශන සිදු කරන බව කී අමාත්‍යවරයා ඊට අමතරව මේ සම්බන්ධව වාර්තාවක් කැඳවන බව ද කියා සිටියේය.
මෙවැනි දරුවන් තවත් තැන් තැන්වල මෙහෙකාරකම්වල යොදවා ඇතැයි විශ්වාස කරන බවත් ඒ සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශය සමග එක්ව වැඩපිළිවෙලක් සකස් කළ බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා දිසා ලේකම් කාර්යාලය හා එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එහි නියමු ව්‍යාපෘතිය පවත්වන බව ද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය දැරියගේ මරණය සම්බන්ධව රිෂාඩ්ට නීතිය ක්‍රියාත්මක වනතුරු මුස්ලිම් ජනතාව බලා සිටියි....
මේ දරුවට මෙහෙකාර දැරිය කියන්න එපා... මෙහෙකාර සේවයේ යොදවා ගත් දැරිය ලෙස වෙනස් වෙන්න ඕනේ්...
දැන් තමයි මෙයාට ඇහැරිලා තියෙන්නේ. බොරු මාධ්‍ය සංදර්ශන දාන්න කියපු කෙනා...
ඔබට බුරන්න විතරයි පුළුවන්. හපන්න බැහැ. ඕකට ඉහළ තැනකින් ආවොත් ඕඩර් එකක්..., ඔබට කට වහගෙන තමයි ඉන්න වෙන්නේ..
ඇත්තටම මේ මිනිස්සු අපේ රටේ නෙමෙයිද ඉන්නේ? හරියට ලංකාවේ ඉන්න අවුරුදු 16ට අඩු ඉස්කොලේ යන්නේ නැති එකම ළමයා වගේ කථා කරන්නේ... කුලී වැඩ කරන කොච්චර පොඩි ළමයි ඉන්නවාද? මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන තණකොළ කන මිනිස්සුනේ රටේ ඉන්නේ...