IMG-LOGO

මහ මුහුදේ යන්න ගිය හතරක් බේරා ගැනෙති

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර මුහුදු වෙරළේ දිය නාමින් සිටි එකම පවුලේ සිව් දෙනකු දිය වැලකට හසුව ගසා ගෙන යමින් සිටියදී  දිවි බේරා ගැනීමට පානදුර කොට්ඨාසයේ පොලිස් ජීවිතාරක්ෂක ගේ නිලධාරීහු අද සමත් වූහ.

මෙලෙස දිවි බේරා බේරා ගැනීමට හැකි වී ඇත්තේ කළුතර උතුර ගල්පාත දියගම ප්‍රදේශයේ පදිංචි ලෙස අවුරුදු 29 හා 35 සීමාවල පසුවන අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ ලෙස අවුරුදු 13 සහ 29 පසුවන සහෝදරයා සහ සහෝදරියයි.

මෙම සිව් දෙනා අද සවස හතරයි තිහට පමණ පානදුර මුහුදු වෙරළේ දියනාමින් සිටියදී දිය වැලකට හසුව මිටර් 50ක් පමණ දුරකට ඇදී යන අයුරු දුටු පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වන පොලිස් කොස්තාපල්වරුන් වන 69951 පුෂ්පකුමාර ,33628 ලක්මාල් 101557 ධනුක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔවුන් සිව් දෙනා වෙරළ තීරයට රැගෙන ඒමට කටයුතු කර ඇත.

අවස්ථාවේදී වෙරළාරක්ෂක එකේ නිලධාරීන් සහාය දක්වා ඇති අතර එම සිව්දෙනාට මූලික ප්‍රතිකාර ලබාදී 1990 කෝ සැරිය ගිලන් රථයෙන් පානදුර මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

 



අදහස් (0)

මහ මුහුදේ යන්න ගිය හතරක් බේරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 241 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 761 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1186 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site