(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර මුහුදු වෙරළේ දිය නාමින් සිටි එකම පවුලේ සිව් දෙනකු දිය වැලකට හසුව ගසා ගෙන යමින් සිටියදී  දිවි බේරා ගැනීමට පානදුර කොට්ඨාසයේ පොලිස් ජීවිතාරක්ෂක ගේ නිලධාරීහු අද සමත් වූහ.

මෙලෙස දිවි බේරා බේරා ගැනීමට හැකි වී ඇත්තේ කළුතර උතුර ගල්පාත දියගම ප්‍රදේශයේ පදිංචි ලෙස අවුරුදු 29 හා 35 සීමාවල පසුවන අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ ලෙස අවුරුදු 13 සහ 29 පසුවන සහෝදරයා සහ සහෝදරියයි.

මෙම සිව් දෙනා අද සවස හතරයි තිහට පමණ පානදුර මුහුදු වෙරළේ දියනාමින් සිටියදී දිය වැලකට හසුව මිටර් 50ක් පමණ දුරකට ඇදී යන අයුරු දුටු පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වන පොලිස් කොස්තාපල්වරුන් වන 69951 පුෂ්පකුමාර ,33628 ලක්මාල් 101557 ධනුක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔවුන් සිව් දෙනා වෙරළ තීරයට රැගෙන ඒමට කටයුතු කර ඇත.

අවස්ථාවේදී වෙරළාරක්ෂක එකේ නිලධාරීන් සහාය දක්වා ඇති අතර එම සිව්දෙනාට මූලික ප්‍රතිකාර ලබාදී 1990 කෝ සැරිය ගිලන් රථයෙන් පානදුර මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.