
(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
මහ මඟ ගමන් ගන්නා කාන්තාවන් ඇතුළු ජනතාවගේ බෙල්ලට කඩුවක් තබා මරණ බිය ඇති කර රන් ආබරණ කොල්ලකෑ කල්ලියකට සම්බන්ධ බව කියන රන් ආබරණ වෙළඳසල් හිමියකු, කාන්තාවක ඇතුළු සිව් දෙනකු කොල්ලකෑ රන් ආභරණ කිහිපයක්, කඩුදෙකක් හා අත්බෝම්බයක් ද සමග අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි .
කලක් තිස්සේ මරදගහමුල දූනගහ අවට ගම්මානවල අතුරු මාර්ගවල පවා ගමන් ගත් කාන්තාවන්ගේ රන් ආභරණ සොයා ගැනීමේ සිද්ධීන් පිළිබඳ වාර්තා වීමත් නිසා දිවුලපිටිය පොලිසිය දැඩි විමසිල්ලෙන් සිටිය දී පල්ලියපිටිය ප්‍රදේශයේදී රන් දම්වැල් දෙකක් කඩාගෙන පලා යමින් සිටි යතුරුපැදියක් ලුහුබැඳ ගොස් ඇත.
පොලිස් කණ්ඩායම යතුරුපැදිය හඹා යද්දී බඩල්ගම පොලිස් වසමේ හොරකඳවිල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ලොරියක ගැටී පෙරලුණු අවස්ථාවේ ප්‍රදේශවාසී ජනතාවගේ ද සහයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
යතුරු පැදියටද බරපතල හානි සිදුවී ඇත.
සැකකරුවන් ගමන් ගත් යතුරු පැදියද පොලිස් භාරයට ගෙන තිබේ . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මීරිගම හල්පෙ පදිංචිකරුවකු සහ ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ මඟ රන් කොල්ල කෑ ජුවලරි හිමිකරු ඇතුළු හතරක් මාට්ටු