
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා මහ භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික පාර්ශවයක් වෙත බැහැර වීම සිද්ධියට අදාළ පරිගණක පද්ධතියේ දත්ත ඇතුළත් සංයුක්ත තැටි 04 ක් (සීඩී තැටි) වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයට අදාළ ප්‍රගතිය වාර්තා කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ලබා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කියා සිටියේ ණය ගෙවීම් කටයුතු සිදුකළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මුල් ගිවිසුම පිළිබඳ තොරතුරු විමසීමකින් තොරව එක්ස්පෝට් ෆයිනෑන්ස් ඕස්ට්‍රේලියා නම් ආයතනයේ විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ලැබී ඇති ඉන්වෝයිස් මත ණය ගෙවීම් කටයුතු සිදු කර තිබෙන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd