(රන්ජන් කස්තුරි)
රජයේ මූල්‍ය අවශ්‍යතා සඳහා මහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා මහබැංකුවෙන් රුපියල් කෝටි 9000ක් ලබාගෙන තිබේ.
එම මුදල ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීමෙනි.
මේ වසරේ ජනවාරි මාසය සඳහා මහා භාණ්ඩාගාරයට ලැබිය යුතුව තිබූ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කළේ ජාතික අවශ්‍යතාවය සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම ඉටුකළ බවය.
රජයේ ණය ලබාගැනීම් සාක්ෂාත් වූ පසු එම ගනුදෙනුවේ කොටසක් පෙබරවාරි මාසයේදී ගෙවීමටත් ඉතිරි කොටස මේ වසරේ පළමු කාර්තුව තුළ ආපසු ගෙවීමටත් රජය එකඟතාව පළ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර තිබ්බද? කාටවත් ඇහෙන්ඩ කියන්ඩ එපා.
ඕක කොහොමද ජාතික අවශතාවයක් වෙන්නේ ? ඔව්ව ගෙවන්නේ තවුද?
මාස්ටර් කාඩ් එකේ ණය විසා කාඩ් එකෙන් ගෙවනවා කියන්නේ මේකට තමයි.
වර්තමාන රජයේ ඇහැ තියෙන්නෙම මහා බැංකුවෙනේ...
ඇයි ඇලෝසියස් මහේන්ද්‍රන්ගෙන් ඉල්ලුවේ නැත්තේ?
මම හිතුවේ සිගප්පුරු යාලුවගෙන් අතමාරුවක් අරන් කියල!
කොටි 9000 කියන්නේ බිලියන .09 යි කොල්ලාකාපු මුදලම බ්ලියන 10 වැඩී නෙ. මේ අය නැවත බලයට ආවොත් බදු ගෙවන්න අපිට බැංකු ණය ගන්න වෙනවා.
කොහෙටද මේ සල්ලි යන්නේ කීවොත් නරකද ? මුළු රටම උගස් කරනවා !
විද්ද මදිවට බංකොලොත් කරලා තමයි යන්න යන්නේ?
වක්‍රාකාරයෙන් සේවක අර්ථ සාධකේ මුදල්ද මේ අදින්නෙ.
මෙතන කමෙන්ට් බලන බැංකු සුද්දාට කඩේ යන්න කෙනෙක් ඉන්නවා. එයාගෙ වැඩේ ඩිස්ලයික් කරන එක.
බමුණු, ඔයා මේක අනාගෙන ඉන්නේ. භාණ්ඩාගාරයට ණයට ගත් කෝටි 9000 බිලියන .09 නම් මහබැංකු වංචාවෙන් ඔබ කියන ආකාරයට බිලියන දහයක්, ඒ කියන්නේ මිලියන මිලියනයක දහයේ ගුණාකාරය (1000000 x 1000000 x 10 = 10000000000000 ) විය යුතුයි. මේ ගණන් හිලව් දේශපාලකයට කඩේ යාමට සුදුසු විය හැකි වුණාට ගණිතයට හෝ ආර්ථික විද්‍යාවට නම් අදාලම නැහැ . කොහොම වුණත් වර්තමානයේ බිලියනයක් කියන්නේ මොකක්ද කියලා පහතින් කියවලා බලන්න
බමුණුආරච්චි, මේක ඇමරිකාවේ වෙච්ච දෙයක්ද ? එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයේ වෙච්ච දෙයක්ද ?
1964 ඒ ලෙවල් කරපු අපිට තාමත් බලය ගැන කියවෙන විට ඔලුවට එන්නේ ෆුට් ෆවුන්ඩලස්ය. එ්ත් දැන් බලය මනින්නේ නිව්ටන් මීටර්ස් වලිනි. ඇත්තේ කන්වර්ශන් වෙනසකි. අපිට නිව්ටන් මීටර් කියන ඒකකය භාවිතාකරන්න අවස්ථාවක් ලැබුනේ නැත. එමනිසා මගේ බ්‍රිටිෂ් බිලියනය සහ ඔබගේ ඇමරිකන් බිලියනය ඇත්තේ කන්වර්ශන් කිරීමේ වෙනසයි. ස්තූතියි...!!!