
ඉකුත් සතියත් දින දහයත් අතර කාලයේ සිදු වූ සිත් රිදවන සිදුවීම් සහ කරුණු නිසා තමන් සැලසුම් කළ දිනට කලියෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (10) ප්‍රකාශ කළේ ය.
ලබන මාසයට යෙදී තිබෙන තම 80 වැනි ඡන්ම දිනයේ දී විශ්‍රාම යෑමට කලින් සැලසුම් කරගෙන සිටිය ද පසුගිය සතියත් දින දහයත් අතර කාලයේ දී සිදු වූ සිත් රිදවන සිදුවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව සති හයකින් පමණ ඉක්මන් කළ බව දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය.
සිය විශ්‍රාම යෑම දැනුම් දීම වෙනුවෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ අද (10) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්යවරයා එම කරුණු සඳහන් කළේ ය.
මේ අනුව ලබන සතියේ 14 වැනි දා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවැසීය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්යක්ෂ ධුරය දරන්නැයි තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතා පැවැසීය.
මා අධිපති ධුරයේ වැඩ බාරගත් සතියකට දෙකකට පමණ පෙර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය බාරගන්නැයි තමන්ට මහත් විස්මයක් ගෙන දුන් බවත් එය කිසිසේත් අපේක්ෂා නොකළ එකක් බව ද හෙතෙම කීවේ ය.
මීට පෙර තමන්, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය දරන සමයේ දී සිටි වකවානුවේ දී එනම් 2004 වසරේ දී තමන්ගෙන් කළ ඉල්ලීම ද තමන් ප්‍රතික්ෂේප කළ බව ඔහු කීය.
මෙවර කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී වසරකටවත් එම ධුරය බාරගෙන ප්‍රතිපත්ති සකසන ලෙසත් තමන් ද සහාය දුන් ආණ්ඩුවට මතවාදී ව සහාය දෙන්නැයි කළ ඉල්ලීම ද සලකා බලමින් තමන් එම ඉල්ලීම බාරගත් බවත් ද හෙතෙම පැවැසීය.
එම ඉල්ලීම බාරගෙන මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධුරයේ කටයුතු කළ බවත් තමන් නිවැරැදි යැයි විශ්වාස කරන ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ කටයුතු කළ බවත් තමන් ධුරයේ කටයුතු කළ සමයේ ගත් කිසිදු තීරණයක් හෘදය සාක්ෂියට විරුද්ධව ගෙන නැති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවගේ බදු මුදල් වලින් වැටුප් මෙන්ම සියලු සැපසම්පත් ලබන රජයේ නිලධාරියකු මෙසේ "හිත්රිදවීම්" හමුවේ සේවයෙන් විශ්‍රාම ගන්නවා යයි කීම පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. ඔබ වැනි උගත් "පරිණත" නිලධාරියෙක් හිත්රිදවීම් හමුවේ එසේ සේවය හැර යනවා යනු "ඔබගේ පරිණත භාවය" හා උගත්කමට සුදුසුද යන්න ගැටළුවක් වන්නේ අපට පමණමද? අප නම් කවුරු අනිසි ලෙස අපට සැලකුවත් අප නිවැරදි නම් අප අවංකව අපගේ රට වෙනුවෙන් සේවය කරන්නේ නම් නිසි කල එනතෙක් සේවය නිසි ලෙසම ඉටු කරමින් සිටින බව කිව යුතුයි. ඔබගේ තීරණය හරියටම "එක එකාට බයේ" ප්‍රශ්නවලින් පැනයාමක් නොවේද?
ඇයි සල්ලි අච්චු ගහන වේගය මදි කියලා කිව්වද ?
උගතුන්ගේ සේවය රටට අවශ්‍ය වුවත්, ඇතැම් දේශපාලන අංශ වලට එම සේවය අවශ්‍ය නැහැ නේද කියල ප්‍රශ්නයක් නැගෙනවා.බොහෝ පරිපාලන තනතුරු සඳහා මේජර් ජෙනරාල් වරුන් පත්කොට තිබෙන නිසා මේ තනතුරත් ඒවන් කෙනෙකුට දුන්නොත් එහෙම කොහොමට හිටීවිදැයි සිතෙනවා.
මහ බැංකුව වැනි රටෙහි ප්‍රධානතම මූල්‍ය ආයතනයට, මහලු මඩම්වල සැදෑ සමය ගතකළ යුතු මහල්ලන් පත් කරන්නේ මන්දැයි යන්න නොතේරෙන්නේද ? මෙම ආයතනයට ක්ෂේත්රය පිළිබඳ පළපුරුද්දක් සහිත තරුණ නිලධාරියෙකු පත් කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතුය. වයස අවුරුදු 70 ව ඉක්මවූ පසුව සිහි කල්පනාව මදි බව තේරුම් ගත යුතු නොවේද.?
මම මෙතුමාගේ කථාව සම්පූර්ණයෙන් ඇසුවා. එතුමා පිළිගතයුතු සත්‍යක් කීවා. ඒ තමයි එතුමා අධ්‍යාපන ලැබූ කාලෙමෙන්ම දැන් අධ්‍යාපනය ලබන දරුවන්ද ලංකාව දියුණුවෙමින් පවතින රටක් බවට ඉගෙන ගැනීමයි. එයට හේතුව ලංකාව ස්ථිර ප්‍රතිපත්තියක් නොමැතිව කලින් කලට ප්‍රතිපත්ති වෙනස් කිරීම බවත් කීවා. මේ වචන වලින් නොකිව්වත් එතුමා කිව්වා මහබැංකුවේ විවිධ කඹඇදිලි මෙන්ම එකගතාවයක් නොතිබූ බවත්, මිනිසුන් පිළිබදව දැනගත්තේ මහබැංකුවේ වැඩකිරීම තුලින් බවත්. මේ රජය කරන ලොකුම දුර්වලකම තමයි අධ්‍යාපනික සහතික වලින් උගත්බව පෙන්වන පුරවැසියන් ඉහළ තනතුරුවලට පත්කර අනාගැනීම. විශ්වවිද්‍යාලයට උගතුන්, මහපොළොවේ යථාර්ථයට අනුව උගතුන් හෝ වැඩ්ඩන් බව සිතා තවත් අනාගැනීම නැවැත්විය යුතුය. අධ්‍යාපන අමාත්‍යංශය මෙයට තවත් කදිම නිදසුනකි.
හොරු එක්ක වැඩ කරලා හිරේ යන්න කැමති කවුද ?
හැම ආයතනයකටම දේශපාලනය රිංගලා .මතකද රනිල් ගජ මිතුරන්ට මහ බැංකුව දීලා වෙච්ච විනාශය
කොච්චර උගත් වුනත් පරිනත වුනත් වැඩක් නැහැ, මේ රටේ දේශපාලන පත්වීමක් බාර ගත්තොත් යන්න වෙන්නෙ සිත් රිදවාගෙන, කීර්තිය පලුදු කරගෙන තමයි. ඒක හරිම කනගාටුදායක තත්වයක්.
අවුරුදු 80? ඇයි අපායට සහ ඔහුට වැඩ කිරීමට හැඟීමක් තිබේද? ආර්ථික විද්‍යාඥයින් අත්පුඩි ගැසීම පුදුමයක් නොවේ
දේශපාලනය කරොත් එහෙම නැත්නම් දේශපාලන පත්වීමක් ගත්තොත් මහාචාර්යකම් දෙකේ කොලේට වැටෙනවා
අනේ ඔයා යනවානම් යන්න ලක්ෂ්මන් !!! අපිට ඔයාගේ තැනට පත්කරන්න ඕනෑතරම් මේජර් ජෙනරාල්වරු ඉන්නවා.! ඒ ගොල්ලෝ අපි කියන ඕනෑම විදිහකට අර සල්ලි අච්චු මැෂිම කරකවයි...!!! ඉතින් ඔයා යන්න.
ලංකාවේ උගතුන්ගේ තරම හොඳින්ම පොනේ. ලංකාවේ දුගී මිනිස්සුන්ගෙන් ‘‘උගතුන්‘‘ වී හිත රිදීමකට, ජාතියට සේවය කිරීම පැහැර හැරීම නිවට කමක් නොවෙයිද?