
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තරගයට ධාවනය යෙදුණු යතුරුපැදි දෙකක් පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේ දී පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිගේ ජීප් රථයේ ගැටීමෙන් ස්ථානාධිපතිවරයා හා යතුරුපැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර පොලිසිය කියයි.
සිදුවූ අනතුරෙන් ජීප් රථයේ ඉදිරිපසට හා යතුරුපැදි දෙකටම බරපතල අලාභ හානි වී තිබේ.
ස්ථානාධිපතිවරයා එම තරුණයන් පිරිස සමඟ කතා කිරීමට සැරසීමත් සමගම වලාන දෙස සිට මං තීරු දෙකේ විදුලි පහන් නිවා ගෙන අධික වේගයෙන් පැමිණි යතුරුපැදි දෙකෙන් එකක් ස්ථානාධිපතිවරයාගේ ඇඟේ ද අනෙක් යතුරුපැදිය ජීප් රථයේ ඉදිරිපස ද ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ස්ථානාධිපතිවරයාගේ ඇඟේ යතුරුපැදිය ගැටීමත් සමඟ පැදිකරු ඊට මීටර් දෙක තුනක් ඈතින් වැටී ඇති අතර යතුරුපැදිය ඔහු නොමැතිව මීටර් 34 ක් ඉදිරියට ගොස් බිම වැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.
බරපතළ තුවාල ලද තරුණයන් දෙදෙනා පානදුර උතුරු ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි අයවළුන් බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පානදුර ප්‍රදේශයේත් රාත්‍රියට අධි බල යතුරුපැදි වලින් පාරේ රේස් පදින තරුණ කණ්ඩායමක් සිටිනවා.
ඔන්න බලන්න පොලිසිය ශේප් එකේ පස්ස ගහන හැටි මේකෙන්, ඔය බයිසිකල් පදින්නේ අහසේ පාටට සම්බන්ධ බලකායට සම්බන්ධකම් තියන අය. බොරුනම් සතියක් බලන් ඉන්න.
හිටපු අමාත්‍ය පාඨලී මැතිතුමාගේ වාහනයේ හැපුණෙත් මෙහෙම කෙනෙක්ද කියලා මෙහි ඉදිරි කටයුතුවලදී බලාගත හැකියි.
රත්නායක මහත්මයා.., බාලි කියලා පාරක් පානදුර ප්‍රෙද්ශයේ මා දන්නා තරමට නැහැ. ඔබතුමා ප්‍රකාශ කරන දේ මට පැහැදිලි නැහැ. රාත්‍රියට හූ කියමින් යතුරු පැදිවලින් ගමන්කරන කණ්ඩායමකුත් පානදුර ප්‍රදේශයේ සිටිනවද?
මොවුන් සමාජ පිළිල...!
ෂාහ් ජීප් රථයේ හුඩ් එක තැලුණා නේද? මෝටර් සයිකල්කාරයෝ දෙදෙනාගේ ඉන්ෂුවරන්ස් එකෙන් හදාගමු.