
(කේ බුද්ධික කුමාරසිරි)
හයිලෙවල් මාර්ගයේ කොළඹ කොටුව සිට හෝමගම දෙසට ධාවනය වූ හෝමගම - පිටකොටුව බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් ඉංගිරිය - පිටකොටුව බස් රථයක රියදුරුට සහ බස් රථයට පහර දීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි
පැමිණිල්ලට අනුව පහර කෑමට ලක් වූ ඉංගිරිය - පිටකොටුව බස් රථය විසින් මග දිගට මගීන් නංවා ගැනීම නිසාවෙන් උරණ වූ හෝමගම - පිටකොටුව බස් රථයේ රියදුරු කොන්දොස්තර විසින් මෙලෙස පහර දී ඇති බවයි
ඒ අනුව පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගියද ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද පොලිසය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තනි තනි පුද්ගලයන් සතු බස් පොදු ප්‍රවාහනය සදහා ගැනීම නිසා ඇතිකරන ප්‍රශ්නයක් නිසා වන අතුරු විපාක . ආණ්ඩුවේ ප්‍රවාහනය හා කරට කර යන්න විශාල පුද්ගලික බස් සමාගම් පමණක් රටේ පොදු ප්‍රවාහනයට ගත්තොත් පමණයි මේ සියල්ලට විසදුම.
හෝමාගම පිටකොටුව බස් කාරයෝ තරම් නීච නින්දිත පිරිසක් වෙනත් කොහේවත් නැතුව ඇති .ඔය ප්‍රශ්නය සදහා මාකුඹුරේ බහුකාර්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පිටකොටුව දක්වා ලංගම බස් ධාවනක් ආරම්භ කරන්නකෝ හෝමාගම පුද්ගලික බස් කාරයෝ හිතාගෙන ඉන්නෙ ඒ මාර්ගය උන්ගෙ මහ එකාලගෙ මාර්ගයක් කියලා වගෙයි බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන අධිකාරියේ නිළධාරින් වැරදි හයක් පෙන්වා ඒවා කරනවා නම් කියන්න කියනවා ඇත්තටම උන්ට බැරිද ඉස්සර ලංගමයේ ටික්කො වගේ පරීක්ෂාකිරීමක් කරන්න අඩුම තරමින් වැඩිගාස්තු අයකිරීම හා ඉතිරි මුදල් නොදීම බලන්නවත් බැරිනම් උන්දැලාට වැටුප් දෙන්නෙ මොකටෙයි
පෞද්ගලික බස් අයිතිකරුවන් සහ සේවකයන් දාලා දීප ව්‍යාප්ත සමූපකාරයක් හදමුද?
ඉංගිරිය - පිටකොටුව, පාදුක්ක - පිටකොටුව, හෝමාගම - පිටකොටුව බස් ගැන කතා කරලා වැඩක් නෑ, යන්නෙම් රේස්, ඇතුලෙ යන මිනිස්සුන්ට ප්‍රෙෂර් හැදෙනවා ඒ බස් වල යනකොට. ප්‍රයිවට්, සී.ටී. බී දෙකම එකයි. දෙතුන් වතාවක් පැමිණිලි කරත් වැඩක් නෑ.