(නිමල කොඩිතුවක්කු)
ජනතාව ඉල්ලා සිටින මැතිවරණය ලබා නොදුන්නොත් මහපාරේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී අරගලයක් සිදු කර මැතිවරණය කෙසේ හෝ ලබා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මැතිවරණය ලැබෙන තුරු මහ පාරේ අඛණ්ඩ ජන අරගලයක් ආරම්භ කර රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රට විනාශ කළ රාජපක්ෂලා අරගලයකින් එලවා දැමුවත් ඉන්පසුව පත් වූ රාජපක්ෂ හෙවනැලි ආණ්ඩුව සහ රාජපක්ෂලාගේ රූකඩයක් වූ ජනාධිපතිවරයා තව දුරටත් රට විනාශ මුඛයට ඇදගෙන ගිය බවත් කඹුරුපිටියේ දී පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහපාරේ තොවිලයක් නැටීමට සජිත් සූදානම්...!
ජීවිතේ මොනතරම් ගැටලු තිබ්බත් මේ මනුස්සයා දවස ගානේ කියන කතා ඇහුවාම ඒ ගැටලු මොහොතකට හෝ අමතක වෙනවා. දැන් කියනවා පාරේ දි ප්‍රශ්න විසඳගන්නවාලු. අර ගෝල්ෆේස් එකේදී වගේද දන්නෑ. දිව්ව දිවිල්ලට නගින වාහනත් අමතක වුණේ...
ඔබ නිදන්න ඔබ නිදන්න, සුවෙන් සැතපිලා, ඔබ අතිගරු වෙනකල් බලා ඉන්නම් බකන්නිලා...
අර ගිය වතාවෙ වෘත්තීය සමිති එක්ක කරපු එක වගේද?
ජනතාව ඉල්ලනනෙ මැතිවරණ නෙවෙයි බන් .කන්න බොන්න ඉන්න හිටින්න ඇති රටක් .මිස මැතිවරණ නෙවෙයි
බූරුවට මහ පාරේ නිදා ගන්න බූරු ඇදක් එවන්නන්ද ....
නිකන් ගොන් ජෝක් දාලා මිනිස්සුන්ව රවට්ටන්න එපා බං.බුද්ධිමත් ජනතාව දන්නවා උඹගෙයි, රාජපක්ෂගේලායි,රනිලයගෙයි සම්බන්ධතාවය.උන්ගේ වටේ ඉන්නෙත් හොරු,උඹගෙ වටේ ඉන්නෙත් හොරු.
ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නත් ඕනෑ සර්වජන ඡන්ද අයිතිය රැකගන්නත් ඕනෑ... ඒ වගේම දුෂ්ඨ, කුරීරු, රනිල් රාජපක්ෂ පාලනය පෙරළන්නත් ඕනෑ... ඒත් ඔයා පාරේ නිදියගත්තා කියලා ඔය එකක්වත් කරන්න බැහැ. ඊට වැඩිය සාර්ථක වැඩ පිලිවෙළක‍් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න...
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් සොයාදුන්නොත් මැතිවරණ කොමිසමට වැඩේ හරි නේද? දැන් කියන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මැතිවරණ කොමිසමෙන් තව මුදල් නොදුන් බව නේද?
දැන් පෙනෙනවා නේද රාජපක්ෂලා කොපමණ බලවත්ද කියා? රාජපක්ෂලා ඔහේ වගේ බලු වැඩ කරන්නේ නැහැ. 2014 පරාද වුණා පැයක් හිටියේ නැහැ... අකුලාගෙන ගියා. ගෝඨා ගෝ හෝම් කිව්වා... ගෝඨා අකුලාගෙන ගියා. ඒ නිසා දැන් තිබෙන, රනිල් එක්ක, විසඳාගන්න බැරි ප්‍රශ්න රාජපක්ෂලා පිටින් යවන්න එපා. රනිල් එක්ක විසඳා ගන්නවා...
රාජපක්ෂලා රට විනාශ කලේ නැහැ රට රැකදුන්නා. මහින්ද නොසිටින්න ඔහේගේ තාත්තා මල්ලි කිව්ව ඔහේගේ ප්‍රබාකරන් බාප්පා තමයි අද රට කරන්නේ. චන්ද නැහැ හිටගන්න කිව්වාම හිටගන්නවා ඉඳගන්න කිව්වොත් ඉඳගන්නවා .ඒකයි ඔහෙට වෙන්නේ තේරුනාද?
අම්මටසිරි ජෝඩුවමද තනියමද?