
(අංජුල මහික වීරරත්න)
මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වී සහ වෙනත් බෝග වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024/25 මහ කන්නයේදී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග සඳහා ගොවීන් වෙත පොහොර සහනාධාරයක් ලබා දීම මඟින් රටෙහි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, බෝග ඵලදායිතාව ඉහළ නැංවීමටත් හැකියාව පවතින බව නිරීක්ෂණය කර ඇතැයි රජය පවසයි.
ඒ අනුව 2024/25 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆටිලයිසර් කම්පැනි ලිමිටඩ් හා පුද්ගලික අංශය මඟින් පොහොර ආනයනය කර ගොවීන් වෙතතරඟකාරී මිලකට අලෙවි කිරීමටත්, වී වගාව සහ වෙනත් වගාවන් සඳහා වගා කරන ලද උපරිම හෙක්ටයාර දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000බැගින් මූල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා දීමටත් කෘෂිකර්ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.