(සුමිත් ප්‍රේමතිලක)
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් අද (8) උදෑසන සිය මස්සිනාට කුරුදු පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි.
පහල කුඩලිගම, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි බුලත්වත්තගේ නාමසිරි නැමැති අවිවාහක පුද්ගලයකු එම පහරදී ෙමන් මිය ෙගාස් ති ෙබ්.
ඝාතනය සිදුකළ බැව් කියන , මිය ගිය තැනැත්තාගේ මස්සිනා වන අගලවත්ත, පහළ කුඩලිගම ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින්අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට යොදා ගත් බැව් කියන ලේ තැවරුණු මුගුරද පොලිස් භාරයට ගෙන තිබේ .
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
අගලවත්ත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරණි කියමනක් තියෙනවා ළිඳට බහින කොට ලණු අල්ලන්න දෙන්නේ මස්සිනාට විතරමයි කියලා. මොකද ඒ තරමටම මස්සිනා විශ්වාසයි.. මොන දේ වුණත් ලණුව අත්නොහරින බව. ඒ එදාය.. මේ මෙදාය.