පසුගිය සති 4ක කාලය තුළදී බන්ධනාගාර 28ක කළ වැටලීම්වලින්, දුරකතන 1,102ක් සිරකුටිවල සඟවා තිබී සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක ප්‍රමාණයක්ද, සිම්පත් 688ක්ද, ජංගම දුරකතන බැටරි 1,310ක් ද වැටලීමට සම්බන්ධ වූ නිලධාරීහු සොයාගත්හ.
කොළඹ රක්ෂිත බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය, වැලිකඩ, බූස්ස, මීගමුව, ගාල්ල සහ දුම්බර යන බන්ධනාගාර ද ඇතුළුව දිවයින පුරා බන්ධනාගාරවල කරන ලද වැටලීම්වලදී මෙම දුරකතන සොයාගෙන ඇත.
ජංගම දුරකතන 277ක් සහ සිම්පත් 132ක් මීගමුව බන්ධනාගාරයෙන්ද, ජංගම දුරකතන 203ක් කොළඹ රක්ෂිත බන්ධනාගාරයෙන්ද හමුවී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියගේ යහපාලනයේ ආශිර්වාදය කොච්චරද කියලා දැන් තමයි තේරෙන්නේ කුඩ්ඩන් ළඟ තියෙන දුරකතනයි, ඔවුන් හිරේ ඉඳිද්දී ගෙවන සැප පහසු ජීවිතයයි දිහා බලද්දී...
බන්ධනාගාර වල පවතින මේ තත්වය ඉතාමත් අහිතකර ලෙස රටට බලපානවා. විනිශ්චයකරුවෙක්ගේ තීන්දු තීරණ මත සිරගත කෙරෙන අපරාධකරුවන් වෙනුවෙන් මෙවැනි අහිතකර දේ සැපයීම නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමක් ලෙස සැලකිය හැකි නොවේද? එබැවින් හැකි ඉක්මණින් මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රති සංවිධානයකට පත්කළ යුතුමයි.. නොඑසේ නම්, අධිකරණයකින්, විනිසුරුවරුන්ගෙන්, නීතියෙන් ඇති ඵලය කුමක්ද..?
ලැජ්ජයි. මේකට රජය සම්පූර්නයෙන්ම වගකිව යුතුයි. හැබැයි මේක මේ රජයෙන් පමනක් සිදුවූවක් නොවෙයි. කොහොම වුණත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන්ට මගෙන් "මල් මිටක්"...
ඕවා අහසින් පාත් වූ ඒවා නොවෙයි. බන්ධනාගාර නිලධාරීන්ගේ සහය ඇතිව හෝ නොසැලකිල්ල මත අරන් ගිය ඒවා. ඉතිං ඒ අයම ඒවා අල්ලලා මෙන්න අපි ඇල්ලුවා කිව්වට අපි ස්තුතිවන්ත වෙන්නේ නෑ. ඇතුළට අරන් යන එක වළක්වන එක තමයි හපන්කම...