
(අංජුල මහික වීරරත්න)
මස් කෙලියේ වතු කම්කරුවන් 21 දෙනකු රට ගොඩනැගීමේ රජයේ අරමුදලට සිය දෛනික වැටුපෙන් රුපියල් දහස බැගින් පරිත්‍යාග කර තිබේ.
මෙම පරිත්‍යාගය කර තිබෙන්නේ මස්කෙලියේ මවුස්සාකැලේ කොට්ටාසයේ හපුගස්තැන්න පහල කොටසේ වතුකම්කරවන් 21 දෙනෙකි.
එහිදී අදහස් දක්වමින් වතු කම්කරුවන් පවසා ඇත්තේ විපතට පත් ජනතාවට සහාය වීම සඳහා තමාට හැකි අයුරින් උපකාර කිරීමට ලැබීම ගැන සතුටු වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සතුටුයි මේ මිනිස්සු තමන්ට පුලුවන් විදියට විපතට පත් අයවලුන්ට සහය දෙන එක.
මෙන්න වැඩේ කරනවා නම් ගාන ගිහින් දුක සැප බලලා ඉන්නේ නැතුව සජිත් නාමල් දිලිත් මෙන්න මේ වගේ වැඩක්වත් කරන්න අපේ සල්ලි වලින් රට වටේ රවුම් ගහන්නේ නැතුව
එම පරිත්‍යාග සිතුවිල්ල මිල කල නොහැකිය, නීරෝගි වේවා සිතුම් පැතුම් ඉටු වේවා.
තම දෛනික ජීවිතය ගෙනයාම සදහා අනන්ත දුක්විදින වතුකරයෙහි ජනතාවට ලැබෙන සුලු මුදලෙන් කොටසක් ආපදාවෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීම ඉතා ඉහලින් අගයකළ යුතු ක්‍රියාවක් නේද?