
මොස්කව්හි රථවහාන ගාල තිබූ හමුදා ප්‍රධානියකු ටයත් මෝටර් රථය අටවා තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් රුසියානු ජෙනරාල්වරයකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාවේ අගනුවරට දකුණින් පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල රථගාලක පිහිටි මෝටර් රථයේ යට අටවා තිබූ පුපුරණ ද්‍රව්‍යයක් අද උදෑසන පුපුරුවා හැරීමෙන් ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් මිය ගිය බව රුසියාවේ විමර්ශන කමිටුව පැවසු බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
56 හැවිරිදි සර්වරොව් සන්නද්ධ හමුදාවන්ගේ මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම සිදුවීම වු ස්ථානයේ විමර්ශන කටයුතු සිදුවෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දේ අවුරදු ගණනාවක් යනවා ,රුසියන් කාරයොන්ට බැරි උනා තවම යුක්රේනය ඇතුලේ මෙහෙම ප්‍රහාරයක් එල්ල කරන්න , පුටින් කියන්නේ ඉතාමත් දුර්වල යුද නායකයෙක්
ඔය රුසියානු අලුගෝසුවා පිපිරී අළු දූවිලි ගොඩක් වීම පිච්චියක් තරම්වත් වටිනා ප්‍රවෘත්තියක් හැටියට ගණන් ගත යුතු එකක් නොවේ. මුගේ මහ එකාවන, මිනීමරු ඒකාධිපති පූටින්ගෙ අළුගෝසු හමුදාව, යුක්රේනය තුළ, නිරායුධ අහිංසක දරුවන්, අම්මලා, වැඩිමහල්ලන් දහස් ගණනින් අමානුෂික විදියට, අමු අමුවේ මරා දැමීම ශිෂ්ටාචාර ලොකයට අමතක වී නැත. එම අපරාධ ගැන හිතන විට මෙක මොන කජ්ජක්ද?