
(අංජුල මහික වීරරත්න)
විදේශ විනිමය හිඟය නිසා මව්සතුන් ආනයනය අවම වීම හේතුවෙන් ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ගැටළුකාරී විය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2021 වසරේ දී මෙරටට කුකුළු පැටවුන් බෝ කිරීම සඳහා අවශ්‍ය මව්සතුන් 80,000ක් ආනයනය කර තිබෙන නමුත් මේ වසරේ දී විදේශ විනිමය හිඟය හා ඉන්දියාව වැනි රටවල් මව්සතුන් අපනයනය කිරීම අත්හිටුවීම හේතුවෙන් 2022 වසරේ දී මව්සතුන් මෙරටට ආනයනය කිරීම 7000 දක්වා අවම වී තිබෙන බව අමාත්‍යවරයා කීය.
එම ගැටළුවත්, සත්ව අහාර හිඟයත් නිසා ලබන වසරේ දී මෙරට බිත්තර කර්මාන්තයට මෙන්ම කුකුළු මස් නිෂ්පාදනය ඉතාමත් ගැටළුකාරී විය හැකි බව පෙනී යන බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ලෝක බිත්තර දිනය සමරමින් අගුණකොළපැලැස්ස පුරහලේ පැවැති ජාතික වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී ගැබිනි මව්වරු 500 කට බිත්තර ඇතුළත් පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය අඩංගු ආහාර මල්ලක් බැගින් බෙදාදීමට අමාත්‍යවරයා පියවර ගත්තේය. ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එම වැඩසටහන සංවිධාන කළේය

2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මස් - බිත්තර කන අයට ලබන වසර අසුබයි
විජේ Sunday, 16 October 2022 10:13 AM
අවුරුදු 25ක් විතර ඇමැතිකම් කරලා රට මේ තැනට ගෙනාව එකට සතුටු වෙයන්...
pakeer Sunday, 16 October 2022 11:26 AM
ඒ කියන්නේ ලබන වසරේ ප්‍රෝටීන ඌණතාවයක්... සුපිරි ආශ්චර්යය වෙන්නේ දැන් තමයි. ඉතින් මේවා මෙහෙම වෙනකොට අර එක්කෙනෙක් ඇවිත් කියනවා ආයෙත් අර බැසිල් ඇවිත් නායකත්වය දෙනවලු. මේවටද නායකත්වය දෙන්නේ..? මොවුන් ඇඳුම් අඳින්නේ ලැජ්ජාවට නෙවෙයි.. මොවුන් මන්ද බුද්ධිකයින්... කාලකණ්ණි...!
fairoos Sunday, 16 October 2022 12:24 PM
ලබන වසර විතරක් නොවේ දැනුත් අසුබයි. මේ කාලකණ්ණි පොහොට්ටුවේ ආණ්ඩුව තියෙනකන් රටට කිසිම සෙතක් නැහැ.
ganegoda Sunday, 16 October 2022 10:12 PM
නියම බෞද්ධයෝ වෙන්න කාලය උදා වී ඇත