(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉකුත් මාස තුනේදී රුපියල් කෝටි 4431ක මූල්‍ය පාඩුවක් සිදුව තිබේ.
මේ වසරේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාර්තුවේ වෙනුවෙන් ලංකාවිදුලි බල මණ්ඩලයට එම පාඩුව සිදුව ඇතැයි එම මණ්ඩලයට නිකුත් කළ මූල්‍ය වාර්තාවේ සඳහන් වේ.
ලංකා විදුලි බලමණ්ඩලය ඉකුත් 2021 වසරේ එම කාර්තිවේදි රුපියල් කෝටි 2145ක පාඩුවක් ලබා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර ගණන් වැඩිකරලත් පාඩුයි නම්, CEB එකේ ඉන්න මිනිස්සු වෙන්න බෑ.
ලංවීමේ පාඩුව ගැන කතා කරනවා, ලංකා විදුලි බල මණ්ඩලයේ ආයෝජනයෙන් ආරම්භ කරපු Lanka Transfomars සමාගමේ පාලකයින් කූට ලෙස ලංවීමට අයිති කොටස් ESLOT නම් ආයතනයක් හර්හ පුද්ගලික් නම් වලට හිමි කරගෙන තිබෙනවා .. මේවා සුදු කරපටි මංකොල්ලා මේවා ගැන හොයන්න එකෙක් නෑ
මිනිසුන් ට එපා වෙනකම් විදුලි බිල උස්සලා තවත් පාඩුයිද ? ඇතුලෙ හොරා කන ඒවා තමයි ඔය
මූල්‍ය පාඩුවක් නෙවෙයි වංචාවක් කියල කියන්න. ජලාශ පිරෙන්න වැහැලා. බිල වැඩි කරලා. ඵ්ත් පාඩුයිලු. ඔන්න ඔය මූසල මංඩලය මුලුමනින්ම විකුණලා දාන්න බැරිද
පාඩු සිදුවන්නේ,මේ රටේ විදුලි පාරිභෝගිකයන් නිසා එහෙම නොවෙයි.අසාමාන්‍ය පඩි නඩි,අධි සුඛෝපභෝගී රථ වාහන,කාර්යාල හා අනෙකුත් පහසුකම්,බොහෝ ආණ්ඩු විසින් තමන්ට කඩේ ගිය හා දරදිය ඇද්ද අය බුරුතු පිටින් සුදුසුකම් වලට වඩා දේශපාලන සුදුසුකම් මත බඳවා ගැනීම,දේශපාලකයන්ගේ උවමනා ඕනෑකම් ආදිය ගැන වෙහෙසීම ඇතුළු තවත් වංචා දූෂණ නිසා මේ සා විශාල මුදල් ප්‍රමාණයක් පාඩුවී ඇති බව පෙනේ.මේ සඳහා දක්ෂ රහස් පොලිස් නිලධාරීන් යොදවා මේ පාඩුවූ ආකාරය ගැන නිසි විමර්ශනයක් කරන්න.රහස් පොලිස් පරීක්ෂණ වලට බාධා හා බලපෑම් එල්ල නොකරන්න.එවිට,හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වේවි.
ලයිට් පුළුවන් තරම් කැපුවා .මිනිස්සු බිලත් ගෙවුවා කොහොම කොහොම හරි .මොන මගුලක්ද මේ හැමදාම පාඩුයි පාඩුයි කියන්නේ?පාඩු වෙලා තියෙන්නේ මොන හේතූන් උඩද කියලා පැහැදිලි කරන්න බැරිද?මේක හරි මගුලක් වුනානේ
ඕක මෑත කාලයේ ලාභ ලැබූ බවක් කාට හෝ මතකයේ තියෙනව ද? නිලදාරී මාෆීයාවයී ඊට නොදෙවෙනී සේවක මාෆියාවයි මෙතෙක් රට කල උන්ගේ හෙන්චයියෝ පුරවන තැනක් වන මෙය පුද්ගලීකරනය කර යුතුමයි.
ජනතාවට තවත් බර නොදී දූෂණය, වංචාව රජයන මෙම විදුලි බල මණ්ඩලය වහාම පෞද්ගලිකරණය කිරීම හැර වෙනත් ගොඩ ඒමට විකල්පයක් නොමැත. පෞද්ගලිකරණය කිරීම තුලින් අතිරික්ත සේවකයින් ඉවත් කොට වංචාව සහ දූෂණය දුරු කිරීමට පියවර ගත් පසුව මෙම මණ්ඩලයට හොද කාලයක් ලබන ආකාරය රටේ ජනතාවට දැකගත හැකි වේවි.
ල..වි.ම. කවද්ද ලාභ ලැබුවේ? ඔතන ඉන්න කාගේ කාගෙත් කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. සිදුවෙන වන්චා. දූෂණ ,අක්‍රමිකතා ගැන දන්නො හොඳාකාරවම දනිති .
ලංකාව හොරුන්ගේ සහ මංකොල්ලකරුවන්ගේ මධ්‍යස්ථානයක් වෙලා. කොච්චර මිල වැඩිකළත් පාඩුවේ අඳෝනාවමයි.
මණ්ඩලයේ අයගේ තියෙන්නේ හොරකම, වංචාව හා දූෂණය පමණයි. සමහර ව්‍යාපෘති කරද්දී ජනතාවට අයිති දේපළ විනාශ වෙන ආකාරයට කටයුතු කරන අවස්ථා අනන්ත තියෙනවා.. උදාහරණයක් කියනවා නම් රජයේ ඉඩම් හරහා චුට්ටක් දුරින් විදුලි මාර්ගය යොදන්න හැකියාව තියෙද්දී කෝටි ගණනක් වන්දි ගෙවීමට සිදුවන ආකාරයට පුද්ගලික ඉඩම් විනාශ කරමින් පුද්ගලික පළිගැනීම් ලෙසට විදුලි මාර්ග සැලසුම් කරනවා. රජයේ ඉඩම් හරහා ගියාම චුට්ටක් දුර නිසා වැඩිවන මුදලට වඩා විශාල ලෙසට වන්දි ගෙවීම් නිසා අධික ලෙසට පාඩු ලබනවා... එහෙම කටයුතු කොපමණ තිබේද බලන්න... මේවාට සමහරක් ජනතා විරෝධතා නොසලකා කටයුතු කරන ස.ප්‍රා.ලේලා / ප්‍රා.ලේ ලාත් හවුල් කියන්න පුළුවන්... මොකද ඔවුනුත් පෘතග්ජන මිනිස්සු නිසා ව්‍යාපෘති වෙනුවෙන් ලැබෙන මාසික දීමනාවට අමතරව තවත් කීයක් හෝ ගන්න බලනවා වෙන්න පුළුවන්...
අනේ මන්දා, ලංකාවේ මෝඩයින් හැමදාම ප්‍රශ්න තලු මරමර නාහෙන් අඬන එකනේ කරන්නේ... ඕකට තියන එකම හා සරල විසඳුම, ඔය විදුලි බල මණ්ඩලය පිටරටකට හෝ විදේශීය සමාගමකට විකුණන්න. පැය විසි හතරම විදුලිය ලැබෙයි. අපි මේ වියදම් කරන මුදලටම. හැබැයි ඉතින් ඔය ආගමික ස්ථානවලට පිනට විදුලිය දෙන්න, ඒ කාටවත් පිස්සු නැහැ.
යකෝ මේමාසෙ අන්තිමට අපි බිල ගෙවනව නම්, ලයිටුත් කපනවනම්, අර්ටිකෙත්දැන්ටු ටිකක් හොඩයි නම් මෙ පාඩුව ගැන ටිකක් හොයල බලුවොත් නරකද මුන් කියන්නෙ
මණ්ඩලයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගෙනෙන්නේ පිට රටින්.ඒකාලේ පාඩුව රුපියල් 175 න් බෙදපුවාම එදා වුනු පාඩුව ඩොලර් වලින් එනවා .මෙදා පාඩුව රුපියල් 367 න් බෙදපුවාම මෙදා පාඩුව ඩොලර් වලින් එනවා .ඒ වගේම මිනිස්සු විදුලියට එදා ගෙවල් තියන ගාන රුපියල් 175න් බෙදපුවාම ලැබුණු ආදායම ඩොලර් වලින් එනවා .මෙදා ආදායම 367 න් බෙදපුවාම මෙදා ආදායම ඩොලර් වලින් එනවා .බෙදලා බලන්නකෝ වෙලා තියන දේ ?
කාලකන්නි හොරු රැලකට අපි අසුවී ඇත
කොච්චර පාඩුයි කිව්වත්, දෙසැම්බර් බෝනස් එක නම් වෙලාවට ගනියි.