( දිල්රුක්ෂි ග්‍රේරු)
පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවෙන් මේ වන විට හඳුනාගනු ලැබූ කොරෝනා අසාදිත පිරිසේ පෙර වාර්තා වු අසාදිත පිරිසට වඩා වයිරස් සාන්ද්‍රණ මට්ටම වර්ධනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
අද (07) පැවැති මාධ්‍ය හමුවකදී සුදත් සමරවීර මහතා මේ බව පවසා සිටියේය.
මෙම හඳුනාගත් පිරිස් වසංගතය මුල් අවදියේ දී පසුවීම හෝ වෛරසයේ වෙනස් හැසිරීම නිසා මෙය මෙසේ වන්නට බොහෝ විට ඉඩකඩ ඇති බවට අනුමාන කළ හැකි බවද වෛද්‍යවරයා කීවේය.
මේ වන විට හඳුනාගත් සියලු ආසාදිතයින් ආශ්‍රිතයින් ආරක්ෂිත ලෙස නිරෝධායන කටයුතුවලට යොමු කර ඇති බවත් සඳහන් කළ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය රෝහල් පද්ධතියේ පහසුකම්ද නිසි ඇයුරින් ඇති බවත් අවශ්‍ය වූවහොත් ඉදිරියෙදී අවශ්‍ය වැඩිපහසුකම් සැළසීමට කටයුතු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රැන්ඩික්ස් පුද්ගලයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඔබ පිළිතුරු දිය යුත්තේ කෝවිඩ් -19 ඔබේ ආයතනය තුළට ඇතුළු වී රට ආසාදනය කර ඇති ආකාරය නිසායි. ලංකාවේ සමාජයෙන් පසුගිය මාස දෙකේ කිසිම අසාධිතයෙක් හමු වුනේ නැහැ. සේවකයින් ඉන් ආරක්ෂාවීමට දැනුම්දීලා දැනුවත් වෙලා සිටිය පසුබිමක මෙම වැඩ භුමිය තුළට කොරෝනා අහසින් වැටිලා නැහැ. එතකොට මෙම වැඩභූමිය තුළට ආ ගිය හැමකෙනෙකුගේම හා හැම වාහනයකම තොරතුරු වැඩ භූමිය ආරක්ෂක සේවාකුටියේ ලොග්පොත් වල තිබෙනවා. එහි කිසිම සැක අයෙකු නැහැ.