
(නිමල කොඩිතුවක්කු)
ආර්ථිකය සංවර්ධනය ඉලක්ක කරගත් ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර අයවැයේදි බදු වැඩිවිමක් සිදු නොකර සෑම ක්ෂේත්‍රයකටම උපරිම සහන ප්‍රමාණයක් ලබාදීමට රජය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මෙවර අයවැය සම්බන්ධයෙන් අමාත්‍යවරයා තවදුරටත් මෙසේද කීවේය.
“මෙවර අයවැයේදි බදු වැඩිවිමක් කරන්නේ නැහැ. ඒ ගැන ජනාධිපතිතුමන් දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකටම උපරිම සහන ප්‍රමාණයක් ලබාදීමට රජය අපේක්ෂා කරනවා. මෙවර අයවැයේදී සමස්ත රටත් නිෂ්පාදන පිළිබඳවත් අපි අවධානය යොමු කර තිබෙනවා. අපේ රජයේ ක්‍රියාමාර්ග තුළින් රටේ ආර්ථික වර්ධනයක් සමග හැම ක්ෂේත්‍රයකම වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ අයවැයේදී දිරි ගැන්වීමක් කළ යුතුයි. මේක සංවර්ධනය සහ ආර්ථිකය ඉලක්ක කරගත් අයවැයක්. අනිත් පැත්තෙන් අපි අපේක්ෂිත භාණ්ඩාගාර ආදායම ලැබෙන විට එය ජනතාවට සාධාරණව ගලාගෙන යන ක්‍රමවේදයක් සකස් කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර ඔස්සේ ජනතාවට”ප්‍රතිලාබ ගලායාමට සලස්සනවා. අපේ අයවැයේ ක්ෂේත්‍ර ගණනාවක යෝජනා සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා ඒක ජනාධිපතිතුමා හත්වෙනිදට ඉදිරිපත් කරාවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ අදහස හරි රටේ ආර්ථිකය වර්ධනය කරගෙන නිෂ්පාදන ආර්ථිකය වැඩි කරගෙන අපනයනය වැඩි කරගන්න නම්, රටේ ජීවන වියදම, විදුලි බිල අඩු වෙන්න.. නම් මනුෂ්‍යයින් පරිභෝජනය කරන අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ සදහා අයකරන තීරු බදු මෙන්ම කර්මාන්ත සදහා අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ යකඩ වැනි දේවල් වලට සහ රසායනික ද්‍රව්‍ය සදහා අයකරන තීරුබදුත් අඩු වෙන්න ඕනේ, නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ මේවා කරාවිද කියන එක...
නරි හිනාව දාලා කියන විදිහෙන්ම අපිට හිතාගන්න පුළුවන්.
මම දකින විදිහට තව ටැක්ස් ගහන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. හැම දේටම උපරිම බදු ගැහුවා කළින් ආණ්ඩුව...