(යොහාන් භාසුර)
ජපානයේ, ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට නිවසක් ලබාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ තීරණය කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතියකින් එම නිවස කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර මහතාට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීරණය අගය කල යුතුයි. ඒත් ඇයි දුලාන් කොඩිතුවක්කුට නොසලකන්නෙ? ලෝකඩ පදක්කමක් වුනත් එයා කලේ කෙනෙකුට ලේසියෙන් කරන්න බැරි වැඩක්. සුසන්තිකාටත් සැලකුවෙ මුලින්ම ලෝකඩ පදක්කමක් දිනුවහම. කොළඹ අවටින් ගෙයක් තිබීම ඒ දෙන්නටම ඉදිරි පුහුණු වලට ලොකු උදව්වක් වෙයි.
දුලාන් තාම කිව්වෙ නැහැනෙ නාමල් සෑර් තමයි හොඳටම කලේ කියලා. කිව්ව දවසට ගෙයක් හම්බ වෙයි එයාටත්.
මේ දෙදෙනාම ජයගත්තේ කොළඹ සිට නොවේ... මමත් පිත්තල පදක්කම්, පඩික්කම් ගොඩක් දිනාගත්තා.. ඒත් ලැබුණු දෙයක් නම් නැහැ..
දෙන දෙයක් දැන්ම ගත්තොත් හොඳයි...