
(චමින්ද වැවතැන්න - විශේෂ පී, ශාන්ත බංඩාර)
මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ තිරිංගදෙණිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස නිවසක ගවයින් අට දෙනෙක් ඝාතනය කොට තිබියදී සැකකරුවන් හතර දෙනකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ කෑගල්ල කදවුර කියයි.
විශේෂ කාර්ය බළකායේ කෑගල්ල කදවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එල්, එම්, එන් විජේසිංහ නිලධාරියාට ලද තොරතුරකට අනුව නිලධාරින් කණ්ඩායමක් මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ තිරිංගදෙණිය ප්‍රදේශයේ අදාල ස්ථානයට ගොස් තිබුණි.
එහිදී නිවසක බලපත්‍ර නොමැතිව ඝාතනය කරන ලද ගවයින් අට දෙනෙකුගේ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබුණි.
ඝාතනය කොට සිටි සතුන් අට දෙනා අතර එක් පිරිමි සතෙක් ද සෙසු හත් දෙනා ගැහැනු සතුන් බව ද පොලිසිය කියයි. පැටවෙකු බිහි කිරීමට ආසන්නයේ සිටි එළදෙනක් ද ඝාතනය කොට තිබුණු බවත් පැටවා පිටත ගෙන තිබුණු බවත් පොලිසිය කියයි.
සෙසු එළදෙනුන් හය දෙනා පරීක්ෂා කරන ලද මාවනැල්ල පශු වෛද්‍යවරිය කියා සිටියේ ඔවුන්හට ද කුඩා වයසේ පැටව් සිටිය හැකි බව පැවසුවාය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කොට සතුන්ගේ සිරුරු විනාශ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ කිසිවක් නොමැතිවම වසර 10කට සිරගත කළ යුතුයි.
ඔය පැත්තේ ඉන්නේ අමුතුම ජාතියක්...!!
අගමැති තුමා ගව ඝාතනය තහනම් කරනවා කීවා නේද? කැබිනට් අනුමැතියත් ගත්තා නේද?. කෝ ඒවා ක්‍රියාත්මක වෙනවා. අයවැයට 2/3 ක් ගත්තේ මුස්ලිම් මන්ත්‍රී ඡන්ද වලින්. එ් නිසා ගව ඝාතනය තහනම් වෙන්නේ නෑ. ඔක්කොම නාට්‍ය විතරයි. ඔය උසාවි දාන මිනිහත් නිදහස් වෙනවා. මෝඩ අපි සැම නැවතත් දෙමු ඡන්දය...
මේ වැඩවලට උසාවි අරගෙන ගියාම ඔයගොල්ලන්ගේම නීතීඥයෝ ඉන්නවා ඇප ලබාගන්න. ඊටපස්සේ එළියට ඇවිත් පුරුදු වැඩේම කරනවා. කොහෙට හරි අරන් ගිහිල්ලා පුස්සෝ හරි කරලා දැම්මා නම් ජීවිතේ තියනතුරු මතකයේ තිබෙනවා.
මස් කඩේට විකුණලා දායි. පොලිස් මහත්වරු සහ දේසපාලුවෝ බෙදාහදා ගනී. බයිට් එකටත් ගනී...
අනිවාර්යයෙන් තම්බියෝ වෙන්න ඇති...
කිරටද මිරිසටද ලයිසන් ගන්න ඕනේ ?
බොහෝ විට මේ සතුන් හොරකම් කරගෙන ආපු සතුන් වෙන්න පුළුවන්.ඒකට වෙනම පරීක්ෂණ කරලා අවුරුදු 10 කට විතර හිරේ යවන්න ඕනේ.පැටවෙක් ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න එලදෙනෙක් මොනතරම් වටිනවද ?මේ කිරි පිටි නැති කාලේ.මුළු පවුලකටම ජීවත් වෙන්න පුළුවන් මේ සතාගෙන් .අනෙක් එලදෙන්නු 5 ත් ඒ වගේම වටිනවා
වැහි නැති හෙන ගහන්න ඕන ඕකුන්ට
පව්කාරයෝ..... කල පවට නැවත ලංකාවේම උපදින්න ඔනේ....!
පින්වතුනි ඉල්ලුම සහ සැපයුම