IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මවක් දරු දෙදෙනා සමඟ ප්‍රා.ලේ කාර්යාලයට

(කේ.පී. සුමනදාස)

දරු දෙදෙනා හදා ගැනීමට ක්‍රමයක් නැතැයි කියමින් 31 හැවිරිදි දෙදරු මවක සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ හඬා වැටුණු සිද්ධියක් වාර්තා වේ.

සැමියා තමන් හා දරු දෙදෙනා නිවෙසින් පන්නා දමා වෙනත් කාන්තාවක සමඟ ජීවත්වන බවත්, තමන්ට ඉන්න හිටින්නට තැනක් හා දරුවන් දෙදෙනා හදාගන්නට ක්‍රමයක් නැති බවත් කියමින් මෙසේ හඬා වැටී ඇත්තේ උඩවලව, තණමල්විල පාරේ, 8 කණුව ප්‍රදේශයේ පදිංචි පී.එම්. අනෝජා සමන්මලී නමැති කාන්තාවකි.

ඇයගේ පුතු වන එච්.ආර්.එම්. සස්මික සහස්‍ර නිම්නෙත් සිවු හැවිරිදි වියේ පසුවන අතර, දියණිය වන එච්.ආර්.එම්. යෙහෙන්ෂා යෙනුලිගේ වයස අවුරුදු එක හමාරකි.

උදව් උපකාර පැතිය හැකි සියලුම දෙනාට දුක කියමින් පදිංචියට ඉඩමක් ඉල්ලා සිටියත් නොලැබුණු බවත්, දරුදෙදෙනා සමඟ ජීවිතය නැති කරගන්නවා හැර විකල්පයක් නැති බවත් ඇය පවසා ඇත.

සැමියා තමන් පන්නා දමා වෙනත් කාන්තාවක සමඟ ජීවත් වන බවට පොලිසියට පැමිණිලි කළත් පලක් නොවූ බවත්, පදිංචියට ස්ථානයක් ලැබුණොත් කුලී වැඩක් කරගෙන හෝ ජීවත්විය හැකි බවත් ඇය පැවසුවාය.

සෙවණගල ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉඩම් කැබැල්ලක් ඉල්ලූ විට එහි නිවෙසක් ඉදිකරගන්නා ආකාරය විමසන බවත් ඉඩමක් තිබේ නම් හිඟා කා හෝ නිවෙසක් තනාගත හැකි බවත් ඇය කියයි.

දරුවන් දෙදෙනා පරිවාසයට බාරදෙන්නැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පවසන බවත්, තමන්ට දරු දෙදෙනා නොමැතිව ජීවත්විය නොහැකි බවත් ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සෙවණගල ප්‍රාදේශීය ලේකම් නයනජිත් ප්‍රියශාන්ත මහතා පැවසුවේ ඇයට ඉඩමක් ලබාදීමට තමන්ට හැකි බවත් ඒ සඳහා ඉඩම් කච්චේරියට මේ පිළිබඳව යොමුකර ඉඩමක් ලබාදීමට කටයුතු කරන බවත්ය.

මෙම මවට පිහිට විය හැකි පරිත්‍යාගශීලීන් වෙත්නම් සෙවණගල ප්‍රාදේශීය ලේකම්වරයා හෝ 0773855587 යන දුරකථන අංකයට අමතා තොරතුරු ලබාගත හැක.



අදහස් (3)

මවක් දරු දෙදෙනා සමඟ ප්‍රා.ලේ කාර්යාලයට

rocky Tuesday, 07 March 2023 06:13 AM

නීතියේ පිළිසරණක් නැද්ද ?පුරුෂයා නඩත්තු ගෙවිය යුතුයි නේද?

:       0       9

මොහොට්ටාල Tuesday, 07 March 2023 06:34 AM

අනේ මෙහෙමත් නිළධාරින් .ඔය කියන ඉඩම් කච්චේරිය තියල තීරණ ගන්නකොට ළමුන් දෙදෙනාම අඩුම තරමින් උසස් පෙළ විභාගයටත් ලියා අවසන් වෙන්න පුළුවන් අපි නොදන්නා ඉඩම් කච්චේරියේ වැඩ.ළමා රක්ෂණ අධිකාරිය පොලිස් කාන්තා කටයුතු කොට්ඨාසය කෝ .ඉඩමක් දෙන්න පෙර මොවුන්ට රැකවරණය සලකා දෙන්න අවශ්‍ය නැද්දෝ

:       0       8

fairoos Tuesday, 07 March 2023 12:03 PM

මේ කාලකන්නි දේශපාලකයන් රටට කරපු වින්නැහියේ ප්‍රතිපල.මිනිස්සු ඉතාම අන්ත අසරණ වෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site