
(නිමල් ජයරත්න )
දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේදී අද (17) පෞද්ගලික බස් රථයක ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් මව හා පුතු එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙහිඅත්තකන්ඩියේ පදිංචි එස්. දිස්නා අයිරාංගනි 33 වියති මව අවුරුදු දෙකක් වයසැති ඒ.එල්.නෙත්මින සම්පත් යන අය බව පරීක්ෂණ සිදු කරන දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර සහ එහි ගමන් ගත් අවුරුදු හයක දරුවා දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි
ත්‍රිරෝද රථය මාර්ගයෙන් ලිස්සා පෞද්ගලික බස් රථයේ ගැටෙන අවස්ථාව පෞද්ගලික බස් රථයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවකද සටහන් වී ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රී රෝද රියේ ටයර් ගෙවිලද ලිස්සලා තියෙන්නේ ?
වැසි කාලවලදී වේගය පාලනය කරගෙන ඉවසීමෙන් රථ වාහන පදින එක ඇඟට ගුණයි
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් , අසරණ මිනිස්සු මෙවැනි ප්රවාහන ක්රම භාවිතා කරන්නේ නැති බැරි කමට, එයාර් බෑග් තිබෙන කර එකක ගියා නම් මෙහෙම වෙන්නේ නැහැ.. ත්‍රිරෝද රථයේ කොයි වෙලාවේ ලිස්සලා යාවිද, මග නවතීවිද කියලා කියන්න බැහැ.. පාලකයෝ වාහනවලට අධික තීරු බදු ගහන එක සහ විදිමත් පොදු ප්රවාහන සේවයක් නැතිකමේ අතුරු ප්රතිඵල මේවා, ඔබලට නිවන් සුව...