(සුමිත් පොතුපිටිය )
වයස අවුරුදු 42 ක කාන්තාවක සහ 7 සහ 4 වියැති ඇයගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටී වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
සැකකාර සැරයන්වරයාගේ බිරිඳ මතුගම සහ ඒ අවට ප්‍රදේශයේ තිස් පස් දෙනෙකුගෙන් විදේශ රැකියා සදහා යවන බවට පොරොන්දුවී රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ 70 ක් පමණ එකතුකර නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදී තිබේ.
මුදල් ලබාගත් පුද්ගලයා ඔවුන් මගහැර සිට ඇති බැවින් , සැරයන් වරයා ඉකුත් 4 දා ඔහු පැහැරගෙන විත් මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේ නිවසක සිරකර ගෙන සිට ඇතැයි පොලිසිය කීය.
මුදල් ලබාදීම සඳහා තමා මුදවා හරින ලෙස අතරමැදියා ඉල්ලා සිටි ඇති අතර, ඒ වෙනුවට ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා මතුගම ප්‍රදේශයට ගෙන්වාගෙන සිරකර ගෙන අතරමැදියා මුදාහැර තිබූ බවද පොලිසිය කීය.
දරු දෙදෙනා සහ මව දින 6 ක් කටුගහහේන ප්‍රදේශයේ නිවස සිර කරගෙන සිටියදී මෙසේ සොයාගෙන සැකකාර සැරයන් වරයා සහ බිරිඳ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය. මව සහ දරු දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කල බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
COMMENTS
පොලිසියට හරි වැඩ නේ බලන් යද්දී .හැබැයි ඉතින් ඕවා අර වසන්ත කොලුවා කරලා තියන අපරාධ වලට ලඟින් වත් යන්නේ නෑලු
මේ වගේ නිලධාරීන් නිසා මුළු පොලිසියටම අපකීර්තියක් .මුලින්ම පොලිසිය නීතිය සම්බන්ධ දැනුම යාවත්කාලීන කිරීමට වැඩ පිළිවෙලක් සෑදිය යුතුයි
මොහු නමින් කවින්ද්‍ර ගයාන් ප්‍රේමරත්න. වයස අවුරුදු 41 වන මොහු විදේස් රැකියා ලබාදෙන බව පවසා ලක්ශ ගනන් මුදල් ලබා ගෙන ජාවාරමක් කරයි. එක් ප්‍රදේශයක් තුළ මාස 2 - 3 සැරිසරමින් හිතවත් කරගන්නා තැරැව් කරුවන් හරහා මුදල් ලබාගෙන වෙනත් ප්‍රදේශයකට පලා යයි.ව්‍යාජ ලිපි ලේඛන සම්බන්ධයෙන් මෙන්ම English දැනුම සම්බන්ධයෙන් මනා හැකියාවක් තිබේ . මොහු සමග මොහුගේ ප්‍රාර්ථනා ජයකොඩි යන බිරිද සහ අවුරුදු 11 ත් 7 පමන වන දරුවන් දෙදෙනාත් රැගෙන කුලියට නිවාසවල පදිංචියට යයි.. කුලියට මෝටර් රථ ලබගන්නා අතර දරුවන් පුද්ගලික පාසල් සදහා යොමු කරයි. පානදුර මහාධිකරණය තුළ නඩු විශාල වශයෙන් මොහුට තිබේ . මෙම නඩු මගහැර සිටින මොහු වරෙන්තුකරුවෙකු වෙයි... ඔබේ නගරයට පැමිණීමට හැකි බැවින් මෙම දැන්විම share කරන්න .දන්වන්න 0717460782