(ඩී.ජී. සුගතපාල සහ සුමතිපාල දීයගහගේ )
අහංගම තිත්තගල්ල සන්තෝෂගමදි ඊයේ (15) රාත්‍රි පුද්ගලයෙකු විසින් 80 හැවිරිදි තම මවට පිහියෙන් ඇන නිවස තුලම ඝාතනය කොට බිරිඳට ද පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
සැකකරු පළමුවෙන්ම මවට පිහියෙන් ඇන ඝාතනය කර පසුව යාබද සැකකරුගේ නිවසේ සිටි බිරිඳටද පිහියෙන් ඇන තිබේ.
සැකකරු පිහියද රැගෙන පොලිසියට පැමිණ බාරවිමෙන් පසු අත් අඩංගුවට ගෙන ඇති අතර බරපතල තුවාල ලබා සිටි බිරිඳ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු කලක් තිස්සේ තම මව සහ බිරිඳ සමඟ ආරවුල් කරගෙන ඇති බවත් ඊයේ රාත්‍රියේද සිදුවු ආරවුලකදි මෙම අපරාධය කර ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන හිතකින් තමාගේ මවට මෙවැනි දෙයක් කළාදැයි හිතාගන්න බැහැ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා වත්ද? නැත්නම් ඉඩකඩම් වගේ දේපළ ප්‍රශ්නයක් වත්ද?