(සුජිත් හේවාජුලිගේ )
හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක 5 වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරයාගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලිය(කරන්ට්) වැදීමට සලස්වන ලදැ යි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භවී ඇත.
දරුවන් තිදෙනා පාසලෙන් එළියට රැගෙන ගොස් ඇතැයි පැවසෙන්නේ මාංචු කුට්ටම්ද දැමීමෙන් පසුවය.
මේ සිද්ධිය වී ඇතැයි පැවසෙන්නේ ඉකුත් 2 වැනිදා බදාදා දිනයේය.
සිද්ධියෙන් තුවාල ලැබූ දරුවෝ දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටිති. මින් සිසුවකුගේ ශරීරයේ පිලිස්සුම් තුවාල කිහිපයක්ම තිබී සොයා ගැනුණු බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.
පාසලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැතිවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ පස්වැනි වසරේ දරුවන් දොළොස් දෙනකු විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කිහිප දෙනකු විදුහලේ පුස්තකාල කාමරයේ රඳවා සිද්ධිය ගැන විමසමින් පහරදී ඇති බවත් එසේ පහර දීමෙන් අනතුරුව විදුහල්පතිවරයා මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතාකිරීමෙන් පසුව පොලිස් ජීප් රථයකින් එහි පැමිණි නිලධාරීන් තිදෙනකු ඉන් දරුවන් තිදෙනකු එම රථයේ නංවාගෙන විදුහලෙන් පිටතට රැගෙන ගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද සභාපතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තිරිසන්නු ඉන්න රටකද අපි ජීවත් වෙන්නේ.
එදා ගුරුවරු ගහපු නිසා තමා අද මම හිරේ නොයා ඉන්නෙ.
නැතිබැරිකම අහින්සකයොත් හොරු කරනවා. පොඩි ළමයි පවා දැන් නැතිබරිකමින් මිරිකිලා ඉන්නේ. දැන් හැමතැනින්ම ඇහෙන්නේ මෙවැනි හොරකම්, මංකොල්ල කෑම්. අහින්සකයෝන්ට පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක උනාට බලවන්තයින් ඉස්සරහා අක්‍රියයි.
මේ තිරිසන් වැඩේට නම් විදුහල්පති , අර ගුරුවරිය සහ මන්ද මානසික පොලිස් කාරයින් යන සියලු දෙනාටම නීතිය යටතේ හෝ සමාජයෙන් දඬුවම් ලැබිය යුතුමයි.
මේ නම් දරුවො. වසන්ත මුදලිගේට දරුව කියන උන්ට මේ තමයි දරුවො.
මේකට එකෙක් වත් කමෙන්ට් කරලා නෑ හැගීමක් නැතිව ඇති මේ කාගෙ උනත් දරුවො කියලා එල්ලපියව් ඔය ප්‍රින්සිපල්ව ඔක්කොටම කලින්.
That school principal behaves like a newly recruited police officer at Milleniya .!!!
ඔතරම් අඩුවයසේ දරුවන්ට හොර නම් ගෑවුනොත් හා අනෙක් දරුවො ඉදිරියේ මාංචු දැමුවොත් ඔවුන් ජීවිතාන්තය දක්වාම සමාජයට වයිර කරනවා. ඒක වැලැක්වීමට සැක්කරයාගේ පුතා වයිමාටත් බැහැ ගුරුවරියන්ගේ මුදල් පපසුම්බි පාසැල් වලදී නැතිවීම බොහෝවිට සිදුවුණත් ඔවුන් කිසිදාක ඒවා වලක්වා ගන්න ප්‍රතිකර්ම කරන්නෙ නැහැ. දැන් මට අහන්න වෙනවා ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර මහතාට ඔය තත්වයක් වුනානම් හෝ ඔබ විදුහල්පති නම් ගන්න ක්‍රියා මාර්ගය කුමක්ද කියලා.එනිසා මෙම ප්‍රශ්නය ළමයින්ගෙ පැත්තෙන් පමණක් නොවෙයි ගුරුවරියගේ පැත්තෙනුත් බලා තීන්දුව දෙන්න කියලා අදාල අයගෙන් ඉල්ලනවා
ජොසප් ස්ටාලින් නිදි ද? මානව හිමිකම් යන්නේ නැද්ද?
අපි තවම ජීවත් වෙන්නේ වැඩවසම් යුගයේද? මේ රට කවදා හැදෙයිද? අපිට කියන්නේ තියෙන්නේ 2500ක ඉතිහාසය ගැනයි. රාවන රජ්ජුවෝ ගැනයි ඒ කාලේ ගල් කනු ගැනයි විතරයි.