
(ජේ .ඉඳුරුවගේ)
රුපියල් මිලියන හැට හත්දහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් පෙබරවාරි 13දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2028 සැප්තැම්බර් 01 දා කල්පිරෙන සියයට 11.5 "ඒ" කාණ්ඩයට අයත් රුපියල් මිලියන 37,500 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර හා 2030 ඔක්තෝම්බර් 15 දා කල් පිරෙන සියයට 11 "බී" කාණ්ඩයේ රුපියල් 30,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර මෙදින නිකුත් කරන බව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා පෙබරවාරි 17 දා ගෙවීම් සිදුකළ යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙලවරක් නැති බදු මදිවට තව ණය වෙනවා.
රන්ජිත් මහත්තයා ආර්ථික විද්‍යාව ගැන කිසි දෙයක් දන්නේ නැතුව බොරුවට කෑ ගහන්න එපා. බැදුම්කර වෙනයි. අනික එදා හොරා කාපු බැදුම්කර තාම හම්බවුනාද?