(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අලුතින් පිහිටවනු ලැබූ බැංකුකරණය සහ මූල්‍ය සේවා  පිළිබඳ කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් පත් කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කරනු ලැබීය.

එම කමිටුවට මෙසේ පත්කරනු ලැබ සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරුන් වන  ශෙහාන් සේමසිංහ  සහ   අනුප පස්කුවල්, මන්ත්‍රීවරුන්වන  චමල් රාජපක්ෂ,  ගාමිණී ලොකුගේ,  සම්පත් අතුකෝරල,  සංජීව එදිරිමාන්න,  කරුණාදාස කොඩිතුවක්කු,  කෝකිලා ගුණවර්ධන,  මුදිතා ප්‍රිශාන්ති සහ  යදාමිණී ගුණවර්ධන යන  මහත්ම මහත්මීන්ය.

කතානායකවරයා මෙසේ පැවසූවේ  සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.

මෙම කමිටුව ඉදිරි දිනවල රැස්වීමට නියමිතය.