
(අංජුල මහික වීරරත්න)
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පැවසීය.
"මාලිමාව හිතනවා නම් මේ ඡන්දය දිනනවා කියලා එහෙම දිනන්නේ නෑ" යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.
පළාත් පාලන මැතිවරණයට කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වඳින අපේක්ෂක හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.
"මාලිමාවට බොහෝ තැන්වල බහුතරයක් ලැබෙන්නෙත් නෑ.අපි බලන්නේ ඒ බහුතරය එකතු කරගෙන බලය ගන්න.අප පමණක් නොව අනෙක් කණ්ඩායම්ද එකට එකතු විය යුතුයි.මම සජබෙ ගැන දන්නේ නෑ. හැබැයි කණ්ඩායම් ගණනාවක් එකතු වන විට ඔවුනුත් මේකට එකඟ වේවි.
එහෙම එකට එකතු වූ විට පළාත් පාලන ආයතනයේ සභාපති ලෙස පත් වන්නේ වැඩිම මන්ත්‍රීවරුන් සිටින කණ්ඩායමයි.අපට දැන් තිබෙන්නේ වැඩිම මන්ත්‍රී කණ්ඩායම ලබා ගන්නයි.අනෙක් අය සමග හැප්පෙන්නේ නැතිව එය කළ යුතුයි.ඔය කිව්වට මේ ගොල්ලන්ට දිනන්න බෑ.
අපට තිබෙන්නේ චීනෙට පස්සේ ජාත්‍යන්තර වශයෙන් ඉතා බලවත්ම ආණ්ඩුව.ඒ මොකද අප ලියුමක් යවපු ගමන් ට්‍රම්ප් ජනාධිපති බද්ද දින අනූවකට කල් දැමූ බව කියනවනේ යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.
COMMENTS
තනිකරම බොරුවක් කියන්නේ, ට්‍රම්ප් සම්බන්ධව සහ කොහොමත් එජාපයට දිනන්න බෑ. යහපාලන කැඳහැලියක් වගේ තාම හවුල්...
ඔවු ඔවු එයා හරි, බහුතරය ලැබෙන්නේ යූ ඇන්පියට. අනේ මගේ කට...!
මේක මහා වදයක් වුණානේ අප්පා... හරිම විශාල කරදරයක් වුණානේ මේක...!
අනේ සීයේ කළින් ඡන්දෙදිත් ඔහොම කිය කියා ඉඳලා අමුඩෙත් ගලවනකල් දාන්න..නහින දෙහින කාලේ වැඩි තණ්හාව ඕනෙ නෑ. පිනක් දහමක් කරගෙන ඉන්න..
ඒක ඡන්දෙන් පස්සේ බලාගන්ඩ බැරියෑ. ඡන්දේ දෙන්නේ අපිනේ?
ඔව් ඔව් අපි ඉක්මනට එක කරන්න ඕනේ..., නැත්නම් අපි කරපු අපරාධ එකින් එක උඩට ඇවිල්ලා ඔක්කොම ටික හිරේ ලගින දවස වැඩි ඇතක නැහැ...
ඔව්, ගොඩාක් දෙනා මේ සැරේ ඡන්දය දාන්නේ නැහැ. ඉතින් මාලිමාවුන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒක...
වයසට යනකොට පොඩි ළමයි වගේ වෙනවා කියන්නේ නිකන්ද? කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කියලා තේරෙන්නේ නෑ. දැන් ඔයාගේ කාලේ ඉවරයි. අන්තිම කාලේවත් ලෝකෙට විහිළුවක් නොවී පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න...
ෆෙරාරි සීයාට සුලුතරයක්වත් නෑ...
මේක විශේෂ ප්‍රකාශයක්ද ...? සාමාන්‍ය එකක්ද...? (මොකක් වුණත් කවුරුත් ගණන් ගන්නේ නැහැ...)
මේ පාර තමයි හොදටම දිනන්නේ. රටේම ජනතාව හොදටම අවුරුද්ද සැමරුවා. රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවුණා. ගොවියාට අවශ්‍ය හැමදේම ලැබුණා. රට සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. තව මොන කතාද. විපක්ෂය අනාථයි.
සීයේ ඔයලා දැන් නගර සභාවේ කුණු බක්කියට වැටෙන්න ලඟයි, ඊට පස්සේ වැලිකඩ බෝඩිමේ කාමරයක් ලැබෙයි හොදේ.
ඔයාට කොහොමත් ඡන්ද ලැබෙන් නෑ. ගිය පාර ලැබුණ ටිකවත් නෑ හොඳේ. මාලිමාව ගැන ඔයා කරදර වෙන්න එපා. එයාලා ඒ ගැන බලාගනීවී.
අඩේ මූටනං දැං ඩබල් එකේ පිස්සු ...පඩි වැඩියෙන් අරං අවුරුදුත් ජයට කාලා දළදාත් වැදගෙන දෙයි මේං කියල වෙන එවුන්ට ...බලං හිටපං මේ පාර විපක්ෂයක් නෑ
උඩින්ම බහුතරය ලැබෙයි.
ඔහෙට ලැබුණු බහුතරය අපි දැක්කා.